
ඉන්දියාවේ බුද්ධගයා මහාබෝධි පරීශ්‍රයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයෙකුගේ රූප සටහනක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
බෞද්ධ හිමිනමක් ලෙස සැරසී මහාබෝධි පරිශ්‍රය තුළට ඇතුල් වී මෙම පුද්ගලයා බොම්බ ප්‍රහාරය සිදු කර බව ඉන්දීය ආරක්ෂක අංශ අනාවරණයක කරගෙන ඇත.
මාධ්‍ය වෙත නිකුත් කර ඇති මෙම රූප සටහනේ සිටින පුද්ගලයා සොයා දෙන ඕනෑම අයෙකුට ඉන්දීය රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් පිරිනමන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.
ඉකුත් 07 වන දින ඉන්දියාවේ මහාබෝධි පරිශ්‍රයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් හිමිනමක් සහ වන්දනාකරුවෙකු තුවාල ලබා තිබුණි.

























































