header logo
SLIC
උණුසුම් පුවත්
13 නීති විරෝධීයි - ඇතැම් අයට ඉතිහාසය මතක නෑ
Jun 27, 201312:57 PM
13 නීති විරෝධීයි - ඇතැම් අයට ඉතිහාසය මතක නෑ
EDEX

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ආරක්ෂාවටත් , පැවැත්මටත්, ඒකීයභාවයටත් දැවැන්ත තර්ජනයක් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, ජලසම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එය එකල සම්මත කර ගනු ලැබූවේ ව්‍යවස්ථාවට පිටින් නීති විරෝධී ලෙස බවත් , ඊට කථානායකවරයා විසින් අත්සන් තැබූ පසුවත් තමන් එය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය බවත් අමාත්‍යවරයා කියා සිටියේ අද (27) කොළඹ පැවති මා‍ධ්‍ය හමුවකදීය.

එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තම ඉල්ලීම ඉවත දැමූ බව අමාත්‍යවරයා සිහිපත් කළේය.

13 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් මේ රටේ නිදහස් අධ්‍යාපනයට මෙන්ම නිදහස් සෞඛ්‍යයත් සෝදාපාළුවට ලක්ව ඇති බව ඔහු කියා සිටියේය.

මේවන විට රජය විසින් පළාත් සභා හා මධ්‍යම රජය අතර ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතවීමට ඇති ඉඩ ප්‍රස්ථාව අහිමිකරලීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත්, ඊට තමන් මහජන එක්සත් පෙරමුණ ලෙස සම්පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

පළාත් සභා ක්‍රියාත්මක වුවද නොවූවද එය රටේ සංවර්ධනයට කිසිදු බලපෑමක් ඇති නොකරන බවත් , මේවන විටත් සංවර්ධන කටයුතු දියත් වෙන්නේ දිස්ත්‍රීක්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා දිසාපති ආදීන්ගෙන් බවත් ඔහු අවධාරණය කළේය.

මහනායක හිමිවරුන් ප්‍රමුඛ සමස්ත ලංකා උත්තර සංඝ සභාව විසින් දිස්ත්‍රීක් පදනම මත පරිපාලනය විමධ්‍යගත කිරීමටත්, පළාත් පාලන ආයතනවලට වැඩි බලතල ප්‍රමාණයක් ලබාදීමටත් යෝජනා කර ඇති බව අමාත්‍යවරයා සිහිපත් කළේය.

තම පක්ෂයද එකී යෝජනාවලට එකඟත්වය පළ කරන බවත් , ඒ හා සමගාමීව යන වැඩපිළිවෙළකට සහය ලබාදෙන බවත් , ඒ පිළිබඳ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පෙනී සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහෙත් න්‍යායාචාර්යකමින් අග තැන්පත් ජනතා පදනමක් නැති ඇතැම් උදවිය වසර 3000 ක් පමණ තිස්සේ ඇති ඉතිහාසය අමතක කොට කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට