header logo
SLIC
උණුසුම් පුවත්
මසට ගවයින් ප්‍රවාහනය තහනම්!
Jun 11, 201302:34 PM
මසට ගවයින් ප්‍රවාහනය තහනම්!
EDEX

මස් පිණිස පොළොන්නරුව ප්‍රදේශයේ සිට ගවයින් ප්‍රවාහනය කිරීම ලබන ජූලි මස 01 වනදින සිට ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් කමිටු රැස්වීම අද (11) පැවති අතර එම කමිටු රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

මෙහිදී පොළොන්නරුව ප්‍රදේශයෙන් මස් පිණිස ගවයන් ප්‍රවාහනය කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා වී ඇත.

දිනකට ගවයන් 250ක් පමණ පොළොන්නරුව ප්‍රදේශයෙන් මස් පිණිස ප්‍රවාහනය කරන බවට මෙහිදී කරුණු අනාවරණය වී ඇති බව සඳහන්ය.

මෙම කරුණු පිළිබඳ සලකා බැලූ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගවයින් ප්‍රවාහනය කිරීම තහනම් කිරීමට පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ඒ පිළිබඳ සොයාබලා කටයුතු කරන ලෙස දිස්ත්‍රීක් ලේකම් නිමල් අබේසිරි මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.

එමෙන්ම ජූලි 01 වැනිදායින් පසුවත් ගවයින් ප්‍රවාහනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අනෙකුත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight