
ශ්‍රීපාදස්ථානයට හෙලිකොප්ටර් අංගනයක් හෝ කේබල් කාර් පද්ධතියක් සවිකිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමි පවසයි.
අධිවිදුලි ධාරාවක් සහිත පහනක් සවි කිරීමේ සූදානමක් ද නොමැති බව උන්වහන්සේ සඳහන් කර සිටියි.
ලෝක උරුමයක් වූ ශ්‍රීපාදස්ථානයේ ගෞරවයට හා කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකරන බව උන්වහන්සේ පෙන්වාදෙයි.
ශ්‍රීපාදස්ථානයේ ගෞරවයට හා කීර්ති නාමයට හානිවන ආකාරයේ කිසිදු කාර්යයකට ඉඩ නොතබන බව ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් වැඩිදුරටත් පවසයි.

















































