ඉන්දියාවේ ක්‍රියාකලාපය හමුවේ ඉවසීම වැදගත්

ඉන්දියාවේ ක්‍රියාකලාපය හමුවේ ඉවසීම වැදගත්

March 22, 2013   12:38 pm

ඉන්දියාවේ ක්‍රියාකලාපය හමුවේ ඉවසීමෙන් කටයුතු කරන ලෙස අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් පශු සම්පත් හා ග්‍රාමිය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාට පවසා තිබේ.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ එසේ නොවුනහොත් රට තුළ අවාසනාවන්ත තත්ත්වයක් උද්ගතවිය හැකි බවයි.

අස්ගිරි පාර්ශවයේ මහනායක හිමියන් බැහැදැකීමට පශු සම්පත් හා ග්‍රාමිය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා, අද (22) උදෑසන පැමිණි අවස්ථාවේ දී උන්වහන්සේ මේ බව පවසා තිබේ.

පශු සම්පත් හා ග්‍රාමිය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා එහි දී පවසා ඇත්තේ ඉන්දියාවේ දී මෙරට බෞද්ධ භික්ෂූන්වහන්සේට හිංසා කිරීම දැඩි ලෙස හෙළාදකින බවයි.

නැවත එවැනි සිද්ධීන් ඇතිවීම වැළැක්වීම සදහා තමා ඉන්දියාව සමඟ සාකච්ජා කළ බව ද ඔහු පවසා තිබේ.