ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් ගැන අපේක්ෂාවක් නෑ

ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් ගැන අපේක්ෂාවක් නෑ

March 21, 2013   08:52 pm

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට අමෙරිකානු රජය නිරතතුරු සහය දෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි මිෂෙල් එච්.සිසන් මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා ජගත් සංවිධානයේ අරමුණක් නැති බවත් මෙරට සංවර්ධන කාර්යයේදී අමෙරිකාව සහය දෙන බවත් ඇය කියයි.

ජගත් මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගනු ලැබු යෝජනාව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ගනු ලැබු පියවරක් බවද ඇය සඳහන් කරයි.

ජිනීවා හිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව විසින් ඉදිරිපත් කළ යෝජනාව අද වැඩි ඡන්ද 12න් සම්මත විය.