අද කොළඹට ජලය කපන්නේ මෙහෙමයි
January 19, 2013 08:54 am
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ නඩත්තු කටයුතු හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට සහ කොළොන්නාව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීම, අදාළ ප්‍රදේශවලට ජල සැපයීම සීමා කිරීමට හේතුවන බව එම මණ්ඩලය කියයි.
ඒ අනුව අද පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා පැය 6ක කාලයක් කොළඹ , කෝට්ටේ සහ මහරගම නගර සභා ප්‍රදේශවල, කඩුවෙල මහ නගර සභාවේ බත්තරමුල්ල, කොස්වත්ත, තලංගම, හෝකන්දර, මාලබේ, තලවතුගොඩ සහ ජයවඩනගම යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇත.
ඊට අමතරව කැස්බෑව සහ බොරලැස්ගමුව නගර සභා ප්‍රදේශවලට හා කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මේ අතර අද පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 9ක කාලයක් කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, සේදවත්ත, ගොතටුව, මාදින්නාගොඩ, මොරගස්මුල්ල, නාවල සහ රාජගිරිය යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය කියයි.