හෙට කොළඹට වතුර නෑ

හෙට කොළඹට වතුර නෑ

January 18, 2013   08:14 am

හෙට (19) පෙරවරු 8.00 සිට පැය 6ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ, කෝට්ටේ, මහරගම, දෙහිවල - ගල්කිස්ස, සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ මෙන්ම කැස්බෑව, බොරුලැස්ගමුව සහ කොලොන්නාව නගර සභා බලප්‍රදේශවලට ද කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.