
ගාල්ල, මාගල්ල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ජංගම දුරකථන අලෙවි කරමින් සිටි චීන ජාතික කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති අදාළ චීන ජාතික කාන්තාව වෙළඳ බලපත්‍රයක් නොමැතිව මෙම දුරකථන අලෙවි කරමින් සිට ඇති බව පොලීසිය පවසයි.
ඇය සතුව තිබී ජංගම දුරකථන 10 ක් සොයා ගෙන තිබේ.
ඊට අමතරව රුපියල් එක්ලක්ෂ හතලිස් පන්දහස් හත්සිය හැටක මුදලක් ද අදාළ කාන්තාව සතුව තිබී සොයාගෙන ඇති බව සඳහන්ය.
ගාල්ල වරාය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම කාන්තාව අද (14) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



















































