
ආගම්වලට අපහාස වන ආකාරයේ ෆේස්බුක් ගිණුම් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.
එවැනි ගිණුම් පිළිබඳව ලැබුණු පැමිණිලිළිවලට අනුව ෆේස්බුක් ආයතනය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඒ අනුව ආගම්වලට අපහාස වන ආකාරයට පවත්වාගෙන ගිය ෆේස්බුක් ගිණුම් කිහිපයක් පිළිබඳව ෆේස්බුක් ආයතනයේ ද අවධානය යොමු වී තිබේ.
එවැනි ගිණුම් පිළිබඳව තොතුරු ඇත්නම් ඒ පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලයි.
මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් ෆේස්බුක් ගිණුම් සම්බන්ධ විවිධ පැමිණිලි 750 ක් පමණ ලැබී ඇති බව ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.
එම පැමිණිළි අතරින් වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ව්‍යාජ ෆෙස්බුක් ගිණුම් සම්බන්ධයෙනි.
එවැනි ෆේස්බුක් ගිණුම් විශාල සංඛ්‍යාවක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසයි.

















































