
නුවරඑළිය, පට්ටිපොළ කැලෑ ප්‍රදේශයක හදිසි ගින්නක් හටගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පට්ටිපොළ දුම්රිය ස්ථානය අසල කැලෑ ප්‍රදේශයක අද(28) පස්වරුවේ මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්ය.
නානුඔය පොලිසිය, වනජීවී නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද එම මධ්‍යස්ථානය පවසයි.


















































