header logo
Vallibel FD
උණුසුම් පුවත්
හෙට සිට විදුලිය කපන්නේ මෙහෙමයි
Jul 23, 201207:53 PM
හෙට සිට විදුලිය කපන්නේ මෙහෙමයි
Mobitel 1278

හෙට (24) සිට ක්‍රියාත්මක වන පරිදි දිනකට පැය 3ක විදුලි කප්පාදුවක් කිරීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව දිවයිනේ කොළඹ නගරය හා තවත් නගර 47කට බලපැවැත්වෙන පරිදි හෙට උදෑසන 8.30 සිට සවස 5.30 අතර කාලයේ පැය 2 යි විනාඩි 15 ක කාලයක් සහ රාත්‍රී 6.30 - රාත්‍රී 9.30 අතර කාලයේ විනාඩි 45 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට තීරණය කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම විදුලි කප්පාදුව ලබන අඩුම තරමින් ලබන 28 වන දින තෙක් ක්‍රියාත්මක කිරිමට සිදුවන බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එම නිවේදනයට අනුව හෙට (24) කාණ්ඩ 04 ක් යටතේ, උපරිම පැය 2 යි විනාඩි 15 කට යටත්ව, පෙරවරු 8.30 – 10.45 අතර කාලයේ, පෙ.ව 10.45 - ප.ව 1.00 කාලයේ, ප.ව 1.00 - ප.ව. 3.15 අතර කාලයේ සහ ප.ව 3.15 සිට ප.ව 5.30 අතර කාලයේ විදුලිය විසන්ධි කෙරේ. ඒ අනුව අනුරාධපුර, හබරණ, වවුනියාව, තුල්හිරිය, පන්නල, බෝලවත්ත, පුත්තලම, කුරුණෑගල, හලාවත, මාදම්පේ, අම්පාර, ත්‍රිකුණාමලය, බියගම, කටුනායක, කොස්ගම, කැළණිය, ආනියාකන්ද, වේයන්ගොඩ, අතුරුගිරිය, පන්නිපිටිය, සීතාවක, ඇඹිලිපිටිය, බදුල්ල, නුවරඑළිය, රන්ටැඹේ, අම්බලන්ගොඩ, දෙනියාය, ගාල්ල, මාතර, මතුගම, පානදුර, කිරිබත්කුඹුර, හොරණ, පානදුර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල, වාලච්චේන, කොටුගොඩ, සපුගස්කන්ද, අම්බලන්ගොඩ, උකුවෙල, විමලසුරේන්ද්‍ර, හම්බන්තොට, ඛෙලිඅත්ත, රත්මලාන යන ප්‍රදේශවල සහ ඒ අවට ග්‍රාමයන්ගේ විදුලිය විසන්ධි කරන බව ලංවිම අවධාරණය කරයි.

තවද කොළඹ අවට කලාපයේ ගාලුමුවදොර, ජනාධිපති මාවත, වොක්ෂෝල් වීදිය, ඩික්මන්ස් පාර, නිදහස් මාවත, ජාවත්ත, ටොරින්ටන් මාවත, හෝර්ටන් පෙදෙස, රෝස්මිඩ් පෙදෙස, බොරැල්ල, කොටා පාර, බාන්ස් පෙදෙස, වෝඩ් පෙදෙස, ටවුන්හෝල්, ඩෑම් වීදිය, සුගතදාස ක්‍රිඩාංගණය, ග්‍රෑන්ඩ්පාස් සහ ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට ප්‍රදේශවලට හෙට පෙ.ව 8.30 සිට 10.45 දක්වා විදුලිය විසන්ධි කරනු ඇත.

එසේම පෙ.ව 10.45 සිට 1.00 දක්වා කාලයේ එම්පයර් සිටි, බම්බලපිටිය මහල් නිවාස, හැව්ලොක් පාර, කිරුලපන, මයුර පෙදෙස, ගෝතමී පාර, ආනන්ද රාජකරුණා මාවත, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ජේතවන පාර, ශාන්ත ජෝන් වීදිය, කෙටවලමුල්ල, මැසෙන්ජර් වීදිය සහ ඒ අවට ප්‍රදේශවල විදුලිය විසන්ධි කෙරේ. ප.ව 1.00 සිට ප.ව 3.15 අතර කාලයේ කොළඹ අවට යෝක් වීදිය, පළවන හා දෙවන හරස් වීදිය, චැතම් වීදිය, සර් බාරොන් ජයතිලක මාවත, ගාලුමුවදොර කොටසක්, යුනියන් පෙදෙස, ධර්මපාල මාවත, ලිබර්ටි ප්ලාසා, කොල්ලූපිටිය වෙළඳ සංකීර්ණය, බම්බලපිටිය, ඇල්විටිගල මාවත, ආනන්ද කුමාරස්වාමි මාවත, පුංචි බොරැල්ල, දෙමටගොඩ, බේස්ලයින් පාර, බෝධිරාජ මාවත, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ටෙක්නිකල් හන්දිය, වරාය අවට විදුලිය විසන්ධි කෙරේ. සවස 3.15 සිට 5.30 දක්වා අතර කාලයේ ක්‍රෙස්කැට් නිවාස, එන්.ඩී.බී බැංකු සංකීර්ණය, නවම් මාවත, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයල වැල්ලවත්ත සහ අවට, ඇල්බට් චන්ද්‍රවංකය, කේම්බ්‍රිජ් පෙදෙස, සර් මාකස් ප්‍රනාන්දු මාවත, විජයරාම පාර, බෞද්ධාලෝක මාවත, වනාතමුල්ල, මැනිං වෙළඳ සංකීර්ණය, ඕල්කට් මාවත, පිටකොටුව, කොටහේන, අල්විස් පෙදෙස සහ ඒ අවට ප්‍රදේශවල විදුලි විසන්ධි කිරීමට භාජනය කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය අවධාරණය කරයි.

එම එක් එක් කාණ්ඩ වලට පිළිවෙලින් සවස 6.30 – 7.15 අතර කාලයේත්,7.15 – 8.00 අතර කාලයේත් 8.00 – 8.45 අතර කාලයේත්, 8.45 – 9.30 අතර කාලයේත් විදුලිය විනාඩි 45 කට විසන්ධි කිරීමට සිදුවන බව ලංවිම සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා අවධාරණය කරයි.

මේ පිළිබඳව කඩිනමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාල හරහා සියළුම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල දැනුවත් කිරීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට උදෑසන 9.00 න් පසුව තම ප්‍රදේශයේ විදුලි බිඳවැටීම් පිළිබඳව ප්‍රදේශයේ විදුලි ඉංජිනේරු කාර්යාලයෙන් විස්තර ලබාගත හැකි බව ලංවිම පෙන්වා දෙයි. එමෙන්ම ලංවිම ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය - 1987 අංකය ඇමතීමෙන් මේ පිළිබඳව වැඩි විස්තර ලබාගත හැකි බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

 පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට