
බ්‍රිතාන්‍යයේ චැනල් 04 නාලිකාව විසින් එරට ස්වාධීන රූපවාහිනී නිෂ්පාදනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාස් කිලින්ග් ෆීල්ඩ්ස්නමැති වාර්තා චිත්‍රපටය ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ සම්මානයට පාත්‍රවී තිබේ.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් මාධ්‍ය ක්ෂේත්‍රය ඇගයීමට ලක්කරමින් ලබා දුන් සම්මානවලදී මෙම වීඩියෝ දර්ශන පටයට අදාළ සම්මානය පිරිනමා ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.
සිරියාවේ හෝම්ස් හි බිහිසුණු සිදුවීම් අළලා නිෂ්පාදනය කෙරුණු හා ඉචැනල් 04 නාලිකාව විසින් ප්‍රකාශයට පත් කළ තවත් වාර්තාමය චිත්‍රපටයකට මෙම සම්මාන උළෙලේ Gaby Rado සම්මානය හිමිවී ඇත.
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට චෝදනා කරමින් ඊට අදාළ වීඩියෝ දර්ශන ඇතුළත්ව නිෂ්පාදනය කර තිබුණු ශ්‍රී ලංකාස් කිලින්ග් ෆීල්ඩ්ස්නමැති වාර්තාමය චිත්‍රපටය පසුගිය වසරේ ජූනි මස පළමු වරට ප්‍රකාශයට පත් කෙරිණි.
එහෙත් එමගින් එල්ල කෙරුණු යුද අපරාධ චෝදනා ශ්‍රී ලංකා රජය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කරන ලද මුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කෙරුණුඋගත් පාඩම් හා ප්‍රතිසන්ධානය සඳහා වූ ජනාධිපති කොමිසමේනිර්දේශයන් වලද මෙම වීඩියෝ දර්ශනය පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කළ යුතු බව දැක්වෙයි.






















































