12 හැවිරිදි දැරිය අපයෝජනය කළ 13 හැවිරිදි සැකකරුට මාංචු

May 17, 2012   12:04 pm

වයස අවුරුදු 12 ක් වූ බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනය සිදුකිරීම සම්බන්ධව අරලගංවිල පොලීසියට වාර්තා වූ සිද්ධියක් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධව වයස අවුරුදු 13 ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අපරාධය පසුගිය 14 වන දින දැරියගේ නිවසේ දී සිදුව ඇති බවත්, මාස කිහිපයකට පෙර ද මෙම අපරාධය සිදුකර ඇති බව අනාවරණය වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

සැකකරු පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අරලගංවිල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.