header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විශ්වවිද්‍යාල තුළ ඩෙංගු මර්දනයට මාර්ගෝපදේශයක් එළිදක්වයි
Jul 20, 202609:30 PM
විශ්වවිද්‍යාල තුළ ඩෙංගු මර්දනයට මාර්ගෝපදේශයක් එළිදක්වයි
Mobitel 1278

සියලු විශ්වවිද්‍යාල සඳහා ඩෙංගු රෝගය නිරීක්ෂණය සහ වැළැක්වීම පිළිබඳ සායනික කළමනාකරණ හා සම්මත මාර්ගෝපදේශය එළිදැක්වීම අද (20) සිදු කර තිබේ.

ඒ, ඩෙංගු රෝගය කල්තියා හඳුනාගැනීම, රෝගීන් නිසි පරිදි කළමනාකරණය කිරීම, රෝග නිරීක්ෂණය ශක්තිමත් කිරීම සහ ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග හඳුන්වාදීම සහ ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වූ ජාතික කර්තව්‍යයට විශ්වවිද්‍යාල ප්‍රජාවේ සහය ලබාගැනීම අරමුණු කරගෙනය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥ සම්පත් දායකත්වය ද ඒ සඳහා හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

මේ වන විටත් පාසල් සහ පිරිවෙන් අධ්‍යාපන ආයතනයන් සඳහා ඩෙංගු රෝග ව්‍යාප්තිය වැළැක්වීම සහ ආසාදිත තත්ත්වයකදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් ඇති බව එම අවස්ථාවට එක්වූ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර සිටියේය.

නගර ආශ්‍රිත විශ්වවිද්‍යාල සහ ශිෂ්‍ය නේවාසිකාගාර අවට ප්‍රදේශවල ඩෙංගු රෝගය පොකුරු වශයෙන් ඇතිවීමට වැඩි සම්භාවිතාවක් පවතින බව ඔහු කීය.

එම තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල මූලික කරගනිමින් සැදූ මෙම ඩෙංගු රෝගය නිරීක්ෂණය සහ වැළැක්වීම පිළිබඳ සායනික කළමනාකරණ හා සම්මත මාර්ගෝපදේශ සංග්‍රහය උපකාරයක් වනු ඇත.

තවද මෙය විශ්වවිද්‍යාලවලට පමණක් තනිව ජයගතහැකි අභියෝගයක් නොවන බැවින්, බාහිර සමාජයේ සහ සෞඛ්‍ය අංශයන්හි සහය මේ සඳහා ලබාදිය යුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ප්‍රකාශ කර සිටියේ, මෙම මාර්ගෝපදේශ සංග්‍රහය හරහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු තරුණ ප්‍රජාවට ඩෙංගු රෝග ව්‍යාප්තිය වැළැක්වීම සහ රෝගී තත්ත්වයකදී අනුගමනය කළ යුතු නිසි ක්‍රියාමාර්ග සම්බන්ධව මනා අවබෝධයක් ලබාදිය හැකි බවය.

එමෙන්ම ඩෙංගු රෝග ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් වූ ජාතික වැඩසටහන්වලට විශ්වවිද්‍යාල සිසුන්ගේ සහය ලබාගැනීමද මෙම මාර්ගෝපදේශ සංග්‍රහය හරහා සිදුකළ හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ආරම්භ කර ඇති බවත්, විශ්වවිද්‍යාලය තුළ ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානය ඔස්සේ ඩෙංගු රෝගී ලක්ෂණ පෙන්වන සිසුන් නිසි අධීක්ෂණයකට ලක් කර, ඔවුන්ට අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර සඳහා යොමුකිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් එතුමා වැඩිදුරත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්