header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ ජාතික වැඩමුළුව ඇරඹේ
Jul 20, 202607:49 PM
රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ ජාතික වැඩමුළුව ඇරඹේ
Mobitel 1278

රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද "රාජ්‍ය අංශයේ පරිවර්තනයක් උදෙසා දත්ත පාලනය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික වැඩමුළුව" අද (20) කොළඹදී ආරම්භ විය.

මෙම තෙදින වැඩමුළුව එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කටයුතු දෙපාර්තමේන්තුව (UN DESA) යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන සහ ඩිජිටල් රාජ්‍ය පාලන අංශය (DPIDG), එහි රාජ්‍ය පාලනය පිළිබඳ ව්‍යාපෘති කාර්යාලය (UNPOG), ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය එක්ව සංවිධානය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ දත්ත පාලනය, ඩිජිටල් රාජ්‍ය පාලනය සහ කෘත්‍රිම බුද්ධිය වගකීමෙන් සහ ඵලදායී ලෙස භාවිත කිරීම පිළිබඳ රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ දැනුම සහ හැකියාව වර්ධනය කිරීම බව සඳහන් වේ.

ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් පවතින ඉහළම භාවිතයන්, දත්ත කළමනාකරණය, අන්තර් ක්‍රියාකාරී (Interoperable) රාජ්‍යමය පද්ධති, ආචාරධාර්මික කෘත්‍රිම බුද්ධිය භාවිතය සහ ඩිජිටල් පරිවර්තනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ ආයතනික සූදානම පිළිබඳ පුළුල් අවධානයක් යොමු කෙරෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

තෙදින වැඩසටහනේදී දත්ත පාලනයේ මූලධර්ම, ජාතික දත්ත පාලන රාමුවක් සංවර්ධනය කිරීම, ඩිජිටල් රාජ්‍ය සේවා, රාජ්‍ය නිලධාරීන් සඳහා කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මූලික කරුණු, වගකීම් සහගතව කෘත්‍රිම බුද්ධිය භාවිතය, ජනනීය (Generative) සහ ස්වයංක්‍රීය (Agentic) කෘත්‍රිම බුද්ධිය පිළිබඳ තාක්ෂණය යොදා ගැනීම මෙන්ම ඒ සඳහා ආයතනික වශයෙන් ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම පිළිබඳ දැනුවත් කෙරේ.

මෙම දැනුවත් කිරීම් දේශන, සාකච්ඡා සහ කණ්ඩායම් ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් සිදු වේ.

මෙම වැඩමුළුව සඳහා රාජ්‍ය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, දෙස්විදෙස් තාක්ෂණික විශේෂඥයින් සහ ජාත්‍යන්තර සම්පත්දායකයින් සහභාගී වන අතර, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම, ආයතන අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ සාක්ෂි මත පදනම්ව තීරණ ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වැඩමුළුව වැදගත් දායකත්වයක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව සඳහන් වේ.

මෙහි සමාරම්භක අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක (වැඩබලන )ලෙස කටයුතු කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය Rajesh Pandav, UNPOG ප්‍රධානී Changseob Han සහ GovTech ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ශෙවාන් ගුණතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්