header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවට අවුරුදු 12යි
Jul 20, 202608:30 AM
අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවට අවුරුදු 12යි
Mobitel 1278

ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුත් ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමය වූ අද දෙරණ මෙරට ප්‍රවෘත්ති කලාව නව මානයකට යොමුකරමින් ආරම්භ කළ අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවට වසර 12ක් සපිරේ.

විශ්වසනීය මෙන්ම තුලනාත්මක පුවත් ඉදිරිපත් කරමින් කෙටි කලක් තුළ වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් හිමිකරගැනීමට මේ දොලොස් වසර තුළ අපට හැකිවුණි.

මෙරට ප්‍රවෘත්තිකරණ ඉතිහාසයේත්, රූපවාහිනී ඉතිහාසයෙත් කඩඉමක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ප්‍රවෘත්ති නාලිකාව ලෙස අද දෙරණ 24 නාලිකාව විකාශන කටයුතු ඇරඹුණේ 2014 ජූලි මස 20 වැනිදාය.

ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් , දේශපාලනික තොරතුරු , ක්‍රීඩා , අධ්‍යාපනික , කලා , සෞඛ්‍ය , ආගමික ආදි ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ප්‍රවෘත්ති ඇතුළු කාලීන සිදුවීම් සියල්ලන්ට පෙර ජනතාව වෙත සමීප කෙරුණි.

ඒ , දිනක් තුළ පැයෙන් පැය ප්‍රවෘත්ති විකාශ 7 ක් මෙන්ම ප්‍රධාන ප්‍රවෘත්ති විකාශ 4 ක් ඔස්සේයි.

ඊට අමතරව Ada Derana Mornings , Big Focus , Talk with chatura , Global Angle , To The Point , Art Week , Vehicle Hub , වනිතා වරුණ ඇතුළු හරවත් වැඩසටහන් රැසක් මෙන්ම දැයේ දූ දරුවන් වෙනුවෙන් Ada Derana Education ඔස්සේද අප ප්‍රේක්ෂකයා වෙත සමීප වුණි.

එමෙන්ම අද දෙරණ 24 නාලිකාවෙන් මෙවර ඉංග්‍රීසි වැඩසටහන් සඳහා වැඩි ගුවන් අවකාශයක් වෙන් කර තිබෙන අතර ඒ ඔස්සේ Hyde Park , State of the Nation , Showbiz Tonight , Get Real
ඇතුළු වැඩසටහන් රැසක්ම විකාශය කිරීමට සූදානම් කර තිබේ.

එමෙන්ම ඉංග්‍රිසි ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සෑම දිනකම රාත්‍රී 9ට ප්‍රවෘත්ති විකාශයක් මෙන්ම ලෝකයේ සිදුවීම් ඔබවෙත ගෙන එන World News ප්‍රවෘත්ති විකාශය රාත්‍රී 9.35ට අද දෙරණ 24 ඔස්සේ විකාශය කෙරේ.

මුල් කාලයේ ඩයලොග් ටීවී සහ පියෝ ටීවී ඔස්සේ පමණක් විකාශය වූ අද දෙරණ 24 නාලිකාව ඉන් පසු සාමාන්‍ය ඇන්ටනාවෙන් පවා නැරඹිය හැකි ලෙස නිදහස් ගුවන් අවකාශයටත් එක් කෙරුණි.

එමෙන්ම අති නවීන තාක්ෂණය මුසු කරගනිමින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කළ අද දෙරණ එතෙක් මෙතෙක් රට තුළ ඇති වූ සියලු ආපදා තත්ත්වයන්වලදී තීරණාත්මක මාධ්‍ය මෙහෙවරක් ඉටු කළේය.

ජංගම දුරකථන මාධ්‍යකරණය හෙවත් MOBILE JOURNALISM මෙරටට හදුන්වා දීමේ ප්‍රමුඛයා වන්නේද අද දෙරණයි.

මෙලෙස ඉටු කළ පුළුල් මාධ්‍ය මෙහෙවර නිසාම අද දෙරණ මෙරට වැඩිම පිරිසක් ප්‍රවෘත්ති නරඹන නාලිකාව බවටද පත්වුණි.

අද දෙරණ ප්‍රවෘත්ති වසර ගණනක් පුරා දිනූ මේ සම්මාන එහි විශිෂ්ටත්වය කියාපාන කදිම නිදසුනකි.

ඒ අනුව මෙම පුළුල් මාධ්‍ය මෙහෙවර ගෙවුණු වසරවල ඉටු කළ පරිද්දෙන්ම පෙර සේම ඉදිරියටත් ඉටුකරමින් ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් ප්‍රවෘත්තිකරණයේ නියැලීමට අද දෙරණ සූදානම්.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්