header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පාපන්දු ලොව රජුන් තෝරන අවසන් මහා තරගය අද මධ්‍යම රාත්‍රියේ
Jul 19, 202607:17 PM
පාපන්දු ලොව රජුන් තෝරන අවසන් මහා තරගය අද මධ්‍යම රාත්‍රියේ
Mobitel 1278

මුළුමහත් ලෝකයේම අවධානය දිනාගත් අතිශය උද්වේගකර තරගාවලියක් වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද (19) මධ්‍යම රාත්‍රියේ අමෙරිකා එක්සත් ජනපදයේ නිව්‍ යෝර්ක්හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙවර ලෝක පාපන්දු කිරුළ තමන් සතු කරගැනීම වෙනුවෙන් ලෝක පාපන්දු පිටියේ දැවැන්තයින් දෙදෙනෙකු වන ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අද මධ්‍යම රාත්‍රී 12.30ට ඓතිහාසක සටනකට එක්වීමට නියමිතය.

මෙවර තරගාවලිය පුරාවටම ඉහළ දක්ෂතා දැක්වූ වත්මන් ලෝක ශූරයින්වන ආර්ජන්ටිනා කණ්ඩායම, මූලික වටයේ සිට උපක්‍රමශීලීව අවසන් මහා තරගය දක්වා පැමිණ සිය කිරුළ රැකගැනීමේ අරමුණෙන් පසු වේ.

අනෙක් පසින්, වේගවත් මෙන්ම ආකර්ෂණීය ක්‍රීඩා රටාවකට උරුමකම් කියන ස්පාඤ්ඤ කණ්ඩායම, අවසන් සටනට පිවිසෙන්නේ වසර 16කට පසු පාපන්දු ලෝක කුසලානයක් ජයගැනීමේ අරමුණෙනි.

බලසම්පන්න ආර්ජන්ටිනා ඉදිරිපෙළ සහ ස්පාඤ්ඤයේ අතිශය වේගවත් මැදපෙළ අතර අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන මෙම සටන, පාපන්දු ඉතිහාසයේ තියුණුම අවසන් සටනක් වනු ඇතැයි විචාරකයින් මත පළ කරයි.

මේ අතර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට ජයග්‍රාහකයන් වෙනුවෙන් සුවිශේෂී ශූරතා මුදු පිරිනැමීමද තරගයෙන් අනතුරුව සිදුකිරීමට නියමිත අතර මෙම විශේෂ මුදු 2026ක් නිෂ්පාදනය කිරීමට සංවිධාකයින් පියවර ගෙන තිබේ.

මෙයින් මුදු 30ක් මෙවර ලෝක ශූරයින්ට සහ පුහුණුකරුවන් වෙනුවෙන් වෙන් කරනු ලබන අතර ඉතිරි 1996 ප්‍රෙක්ෂකයින්ට මිල ඳි ගැනීම සඳහා අවස්ථාව සලසා දී තිබේ.

මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා වු තරගය අද අලුයම පැවැත්වුණේ ප්‍රංශය සහ එංගලන්තය අතරය.

එම තරගය ගෝල 6 ට 4 ක් ලෙස ජයගත් එංගලන්තය තුන් වැනි ස්ථානය දිනාගත්තාය.

එහිදී ගෝල 2ක් ලබාගත් ම්බාපේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ ගෝල 10 ක් ලබාගෙන වාර්තාවක් පිහිටුවූ අතර ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වූ ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී අභිබවා යමින් ඔහු වැඩිම ගෝල ලාභියාගේ වාර්තාව තමන් සතු කරගැනීමට ද සමත්විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්