header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දෙහිවල කනත්තේ වෙඩි තැබීමේ අලුත්ම විස්තර - CCTV සහිතයි
Jul 19, 202605:18 PM
දෙහිවල කනත්තේ වෙඩි තැබීමේ අලුත්ම විස්තර - CCTV සහිතයි
Mobitel 1278

දෙහිවල - ගල්කිස්ස "නිසල සෙවණ" පොදු සුසාන භූමිය තුළදී අද (19) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කවිඳු මධුසංක නොහොත් "සැන්ඩෝ" නැමැත්තාගේ පියා බව පොලීසිය පවසයි.

56 හැවිරිදි එම පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ ඕබන් සයිඩ් ධීවර නිවාසවල පදිංචිකරුවෙකු වන අතර සුසාන භූමියේ කම්කරු සේවකයෙකු ලෙස සේවය කර ඇති බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ අද පස්වරු 03.25 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.

තුවාලකරු සුසාන භූමිය තුළ කිසියම් රාජකාරියක නිරතව සිට, අනතුරුව අවමංගල්‍ය උත්සවයක් සඳහා පාංශකූල ලබාදෙන ස්ථානයට පැමිණ සිටි අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

සුදුවතින් සැරසී, මුහුණු ආවරණය වන පරිදි ආරක්ෂිත හිස්වැසුම් පැළඳ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

වෙඩික්කරුවන් යතුරුපැදිය සුසාන භූමියෙන් එළියේ නවතා තබා මීටර් විස්සක් පමණ පා ගමනින් සුසාන භූමිය තුළට පැමිණ, අදාළ පුද්ගලයා ඉලක්ක කර වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර නැවත පා ගමනින්ම ගොස් යතුරුපැදියේ නැඟී පළාගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මෙම ප්‍රහාරය සඳහා මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවය.

වෙඩි ප්‍රහාරයෙන් අදාළ පුද්ගලායාගේ වම් අතට සහ පපු ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති අතර, ඔහු මේ වනවිට කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවේ.

මෙම වෙඩි තැබීම තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන "කොස් මල්ලි" නැමැත්තා විසින් මෙහෙයවන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

https://www.youtube.com/watch?v=_2V2IxXjoI4
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්