header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
2027 අවසන් වීමට පෙර ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර
Jul 19, 202612:01 PM
2027 අවසන් වීමට පෙර ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර
Mobitel 1278

2027 වසර අවසන් වීමට පෙර ඩීසල් භාවිතයෙන් විදුලි උත්පාදනය අවම කිරීමට පියවර ගන්නා බව ජාතික පද්ධති පාලන පුද්ගලික සමාගම පවසයි.

එහි සභාපති ආචාර්ය ප්‍රදීප් ප්‍රියදර්ශන මහතා පැවසුවේ 2027 වසර අවසානය වන විට මෙගාවෝට් 750ක පමණ විදුලි ධාරිතාවක් බැටරි මගින් ලබා ගැනීමට සැලසුම් කර ඇති බැවින් ඩීසල් භාවිතය අවම කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බවය.

අද දෙරණ සිදුකළ විමසීමකදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ වන විටත් බැටරි මගින් විදුලි උත්පාදනය සඳහා වන බැටරි පද්ධතියට සම්බන්ධ කරමින් පවතින බවත් මේ වන විටත් මෙගාවෝට් 160ක් මෙරටට රැගෙන විත් එම බැටරි සවි කරමින් පවතින බවත්ය.

මීට අමතරව මෙගාවෝට් 250ක් සඳහා පුද්ගලික අංශයේ ආයෝජන ලබා ගැනීම සඳහා ලංසු කැඳවා ඇතැයිද එයද එළැඹෙන වසරේ මාර්තු - අප්‍රේල් අතර කාලයේදී පද්ධතියට සවි කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය.

තවද ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ මෙගාවෝට් 100ක් විදුලි සම්ප්‍රේශණ සමාගම මගින් සම්පාදනය කිරීම සඳහා ලංසු කැඳවා ඇතැයිද පැවසූ ඒ මහතා මීට අමතරව මෙගාවෝට් 150ක් පොළව මත සවි කරන ලද සූර්ය බලාගාරවලට බැටරි සවි කිරීම සඳහා අවස්ථාව ලබා දීමට ලංසු කැඳවීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

ඔහු පැවසුවේ මේ සියලු කාරණා මත එළැඹෙන 2027 වසර අවසාන වන විට ජාතික විදුලි පද්ධතියට බැටරි මගින් උත්පාදනය වන මෙගාවෝට් 750ක ධාරිතාවයක් එකතු වන බැවින් ඩීසල් භාවිතය අවම කිරීමට හැකියාව ලැබෙන බවය.

තවද 2028-2029 වසරවලදී තවදුරටත් සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් විදුලිය ජනනය කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් පවතින බවද පෙන්වා දුන් ඒ මහතා මේ හා සමගාමීව බැටරි පද්ධතියද සම්බන්ධ කිරීමෙන් දැවි තෙල් භාවිතයෙන් විදුලි උත්පාදනයද අවම කර ගත හැකි බවද පෙන්වා දුන්නේය.

ඒ අනුව රුපියල් බිලියන 30-35ක ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙන බව පෙන්වා දුන් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මෙහි වාසිය මහජනතාවට ලබා දෙමින් විදුලි බිලද අඩු කිරීමට හැකියාව ලැබෙන බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්