header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඩෙංගු මරණ 53න් 37ක්ම කාන්තාවන්
Jul 19, 202611:49 AM
ඩෙංගු මරණ 53න් 37ක්ම කාන්තාවන්
Mobitel 1278

දිවයින පුරා සිදුවන ඩෙංගු මරණවලින් බහුතරයක් කාන්තාවන් වන බැවින් රෝගී තත්ත්වයන් මතු වූ වහාම වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය දැනුම් දී තිබේ.

මේ වන විට වාර්තා වන සමස්ත ඩෙංගු මරණ 53න් 37 දෙනෙකුම කාන්තාවන් වන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පෙන්වා දී ඇත.

මෙලෙස කාන්තා මරණ කැපී පෙනෙන ලෙස ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, ඔවුන් රෝගී වූ විට අවශ්‍ය විවේකය නොගෙන දිගින් දිගටම නිවෙස්වල වැඩකටයුතුවල නිරත වීම වන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසන්නේ කාන්තාවන් රෝගී තත්ත්වයට පත් වූ විට සම්පූර්ණයෙන් විවේකීව සිටිය යුතු වුවත්, නිවෙස්වල වැඩකටයුතු නිසා ඔවුන් තමන්ගේ රෝගී තත්ත්වය නොසලකා හරින බවය.

මේ හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද වන අතර, ප්‍රමාද වී රෝහල්ගත කිරීම හරහා මරණය පවා සිදු විය හැකි බවද වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම ඩෙංගු වැනි බරපතළ රෝගී තත්ත්වයන් හමුවේ පාරම්පරික ඖෂධ හෝ අත්බෙහෙත් අත්හදා බැලීම අතිශය අවදානම් සහගත බව ද වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසයි.

සාමාන්‍ය රෝගාබාධ සඳහා පාරම්පරික ඖෂධ යහපත් ප්‍රතිඵල ගෙන දුන්නද, ඩෙංගු වැළඳී ඇති විටෙක එවැනි පරීක්ෂණාත්මක දේ කිරීමෙන් වැළකී වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතු බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියේය.

අත්බෙහෙත් සිදු කර රෝග ලක්ෂණ උත්සන්න වූ පසු රෝහල් කරා රැගෙන එන රෝගීන් යථා තත්ත්වයට පත් කිරීම අතිශය දුෂ්කර වන බවද වෛද්‍ය කපිල කන්නංගර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ප්‍රතිකාර ප්‍රමාද වීම නිසා අක්මාව සහ වකුගඩු අකර්මණ්‍ය වීම වැනි දරුණු සංකූලතා ඇති වන අතර එවැනි අවස්ථාවල ඖෂධවලට ද එම රෝගීන් සුව කළ නොහැකි තත්ත්වයක් උද්ගත වන බවය.

නවතම වාර්තාවලට අනුව දිවයින පුරා දැනට වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 74,478 ක් වන අතර, පසුගිය ජූලි මාසයේදී පමණක් රෝගීන් 19,100ක් වාර්තා වී තිබේ.

ගත වූ පැය 24 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 843කි.

මේ වනවිට ඩෙංගු රෝග ව්‍යාප්තියේ යම් අඩුවීමක් දක්නට ලැබුණද එය තවමත් අවදානම් මට්ටමක පවතින බවද වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේය.

ඒ හේතුවෙන් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

එබැවින් කිසියම් අයෙකුට රෝග ලක්ෂණ තිබේ නම් දින දෙකක් ඇතුළත සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවන ලෙසත් ඔහු මෙහිදී සඳහන් කර සිටී.

එමෙන්ම තමා අවට ප්‍රදේශය පිරිසිදුව තබා ගනිමින් ඩෙංගු මර්දනය සඳහා දායක වීම සමස්ත මහජනතාවගේම වගකීමක් වන බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සිහිපත් කර සිටී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා,

''ඇත්තටම අපි හිතනවා කාන්තාවන් රෝගී තත්ත්වයට පත් වුණාට පස්සේ විවේකීව සිටිය යුතු නිසා එසේ නොවී සිටීම මේ තත්ත්වය ඇති වෙන්න හේතුවක් කියලා.. ඒක නිසා අපි ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා හිටිනවා කාන්තාවන්ට මේ රෝගී ලක්ෂණ ඇති වුණොත් එහෙම වහාම පළවෙනි දවසෙම රෝහලකට ගිහිල්ලා හෝ වෛද්‍යවරයෙක් ගාවට යොමු වෙලා උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න කියලා.

දෙවෙනි කාරණය තමයි සමහර රෝගීන් එනවා පාරම්පරික ඖෂධ අරගෙන. එහෙම ඖෂධයක් ගන්න පුළුවන් අවස්ථාවල් තිබෙනවා. නමුත් මේ අවස්ථාවේදී ඩෙංගු රෝගයත් එක්ක සලකනකොට ඒක අවදානම්.. ගස්ලබු කොළවල යුෂ, පොලොස් වර්ග තම්බලා බොන යුෂ, මොණර කුඩුම්බිය වගේ දේවල් තම්බලා බොනවා. ඉතින් ඒ වගේ දේවල්වලින් යම් අවස්ථාවලදී ප්‍රතිපල තිබුණත් ඩෙංගු රෝගයත් එක්ක ඒක හරියන්නේ නෑ.. මොකද එවැනි රෝගීන් ඉතාමත්ම අමාරු අවස්ථාවට පත් වෙලා තමයි රෝහල් ගත වෙන්නේ. නැවත ඒ රෝගියාව සුවපත් කිරීම ඉතාමත් අමාරුයි.

උණ කියන රෝග ලක්ෂණයක් පමණයි. උණ කියන එක ඩෙංගුවලටත් පොදුයි. ඉතින් ඩෙංගු හැදුනහමත් උණ හැදෙනවා. උණ හැදුනහම පළවෙනිම දේ තමයි වෙන කිසිම බෙහෙතක් ගන්න එපා. පැරසිටමෝල් වර්ගයක් පමණක් ගන්න, උණ අඩු කිරීම සඳහා. දෙවෙනි කාරණය තමයි දැන් අපිට ඊයේ පැවති විශේෂඥ වෛද්‍ය හමුවේ දී කිව්වා රෝහල්වල ඉන්නවා අත්බෙහෙත් අරන් ප්‍රමාද වෙලා රෝහලට පැමිණි රෝගීන්. ඉතින් මේ රෝගීන්ව නැවත යථා තත්ත්වයට පත් කරගැනීම ඉතාමත් අමාරුයි. ඩෙංගු රෝගය සම්බන්ධව ඔබ ගන්නා ඒ ක්‍රියාමාර්ගවලදී අත්බෙහෙත් කිරීම මේ අවස්ථාවේදී කරන්න එපා. ඒ කියන්නේ අත්බෙහෙත් කර කර ඉඳලා දවස් දෙක, තුනක් ගිහින් රෝග ලක්ෂණ උත්සන්න වුණාට පස්සේ ආවම, එතනදී අක්මාවට ප්‍රශ්න ඇති වෙනවා. ඊළඟට වකුගඩුවලට ගැටළු ඇතිවෙනවා. එතකොට මේවා නැවත යථාවත් කිරීමට සමහර වෙලාවට බෙහෙත්වලටත් කරන්න බැරි තත්වයක් එන්න පුළුවන්''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්