header logo
SLIC
උණුසුම් පුවත්
ඩෙංගු වැළඳෙන දරුවන්ට පසුකාලීනව විවිධ සංකූලතා ඇතිවීමේ අවදානමක්
Jul 03, 202606:23 PM
ඩෙංගු වැළඳෙන දරුවන්ට පසුකාලීනව විවිධ සංකූලතා ඇතිවීමේ අවදානමක්
Mobitel 1278

මේ දිනවල ළමුන් අතර ඩෙංගු රෝගයේ ව්‍යාප්තියක් දක්නට ලැබෙන බවත්, රෝගය වැළඳෙන දරුවන්ට පසුකාලීනව විවිධ සංකූලතා ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ ඩෙංගු රෝගය හේතුවෙන් දරුවන්ට පසුකාලීනව මොළයට බලපෑම් ඇතිවිය හැකි අතර පේෂි සහ අස්ථිවල දැඩි කැක්කුමක් මෙන්ම හෘද වස්තුවටද බලපෑම් එල්ල වීමේ ප්‍රවණතාවයක් පවතින බවය.

සාමාන්‍යයෙන් ඩෙංගු වැළඳී දින හතක් අටක් ගතවන විට දරුවා සුවපත් වීමේ ලක්ෂණ ලෙස ආහාර රුචිය වැඩිවීම, සිනාසීම වැනි තත්ත්වයන් මතුවන නමුත්, එවැනි සුවපත් වීමේ ලක්ෂණ නොපෙන්වා දරුවාට දිගටම උණ පවතී නම් එය HLH නමැති ප්‍රතිශක්තිකරණයේ උණතාවය විය හැකි බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට අමතරව දරුවන් මදුරු දෂ්ටනයෙන් බේරාගැනීම සඳහා සවස් කාලයේ පස්වරු 5.00 ත් 7.00 ත් අතර කාලය තුළ නිවසේ ජනේල වසා දැමීමට පියවර ගන්නා ලෙසත් දරුවන්ට අත් දිග කමිස සහ දිග කලිසම් ඇන්දවීමත් සිදුකළ යුතු බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පවසන්නේ ඩෙංගු රෝගය තවමත් මාරාන්තික විය හැකි බැවින් මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමුකරන ලෙසය.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා.

"මේ දිනවල ළමුන් අතර ඩෙංගු රෝගය අපි දකිනවා. මදුරුවෝ බෝවෙන ස්ථාන අවම කරනවා වගේම මදුරුවෝ දෂ්ට කිරීමත් අවම කරන්න අපි කටයුතු යොදන්න ඕනේ. හවසට 5.00-7.00 අතර පුළුවන් තරම් ඉක්මනට ජනේල් වහලා මදුරුවෝ ගේ ඇතුළට එන එක වළක්වා ගන්න. ඊට අමතරව අත්දිගට කමිසයක්, කලිසමක් ඇඳගෙන ඉන්න පුළුවන් නම් මදුරුවෝ දෂ්ට කිරීම අවම කරගන්නත් පුළුවන්. ඩෙංගු රෝගය හැදුනොත් රෝග ලක්ෂණ විදිහට උණ සමඟ ඇස් යට කැක්කුම, හිසරදය, ඇඟපත රිදෙන එක, හන්දි කැක්කුම වගේ රෝග ලක්ෂණ තමයි අපි සාමාන්‍යයෙන් දකින්නේ. හැබැයි ඩෙංගුවලින් සංකූලතා කීපයක් පසුගිය දිනවල අපි දැක්කා.

විශේෂයෙන්ම ඩෙංගුවලට පසුකාලීනව මොළයට බලපෑමක් ඇතිවෙන්න පුළුවන් කලාතුරකින්. දෙවනුව, ඩෙංගු නිසා පේෂිවල අස්ථිවල කැක්කුමක් ඇතිවෙන්න පුළුවන්. තුන්වනුව, ඩෙංගු නිසා හෘදය වස්තුවට බලපෑම් ඇතිවෙන්න පුළුවන්. ඊටත් අමතරව කලාතුරකින් ඩෙංගු හැදුනාට පස්සේ දිගටම උණ තියෙන්න පුළුවන් ප්‍රතිශක්තිකරණයේ යම්කිසි අඩුවක් ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඒක විශේෂ රෝගී තත්ත්වයක්."

"ඩෙංගු සාමාන්‍යයෙන් හැදුනාට පස්සේ දවස් හතක් අටක් වෙනකොට හොඳ වෙනවනේ. ඩෙංගු හොඳ වෙනකොට ළමයාගේ ආහාර රුචිය වැඩිවෙනවා, ළමයා හිනාවෙනවා.. රෑෂ් එකක් ඇතිවෙනවා අත් කකුල් කසන්න ගන්නවා වගේ තත්ත්වයක් එන්නේ නැතුව දිගටම උණ පවතිනවා ළමයාගේ ලෙඩ තත්ත්වය දිගටම තියෙනවා නම් සමහර වෙලාවට මේක HLH කියන ඒ ප්‍රතිශක්තිකරණයේ උණතාවය ඇතිවීම ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකදී අපි CPK කියන ඒ පරීක්ෂණය කරනවා. එහෙම වුණොත් විවේකය ඉතාමත් අවශ්‍යයි. ස්වභාවික සුදු පාට දියර වර්ග දරුවන්ට බොන්න දෙන්න. එමඟින් මේ තත්ත්වයන් අවම කරගන්න පුළුවන්.

ඊට අමතරව රුධිර පට්ටිකා 150ට වගේ අඩු වුණොත් සමහර වෙලාවට අපිට මේ දරුවාව ඇතුළු කරලා පරීක්ෂණ කරලා බලන්න වෙනවා. ඩෙංගු රක්තපාත උණ තත්ත්වය හරි ඩෙංගු කම්පන තත්ත්වයන් වගේ තියෙනවා නම් කොහොමත් රෝහලක පරීක්ෂා කරලා, රෝහලක පැය 48ක් හෝ ඊට වැඩි දවස් ගානක් අපිට දරුවාව බලාගන්න වෙනවා. ඉතින් ඩෙංගු තාමත් මාරාන්තිකයි..''

මේ අතර ගතවු දිනයේදී ඩෙංගු රෝගීන් 1200 දෙනෙකු පමණ හදුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

මේ වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 57,668 දෙනෙකු වාර්තා වී ඇති අතර වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව එම ඒකකය පෙන්වා දී ඇත.

අද දිනයේත් ප්‍රදේශ කිහිපයක ඩෙංගු මර්ධන වැඩසටහන් පැවැත්වුනු අතර එහිදී රජයේ ආයතනවල මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂාවට ලක් කෙරිණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව