header logo
SLIC
උණුසුම් පුවත්
පාසල් පෙළපොත් මුද්‍රණය හා බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ඩිජිටල් තාක්ෂණය
Jul 03, 202605:40 PM
පාසල් පෙළපොත් මුද්‍රණය හා බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ඩිජිටල් තාක්ෂණය
Mobitel 1278

පාසල් පෙළපොත් ප්‍රසම්පාදනය, ගබඩා කළමනාකරණය, බෙදාහැරීම සහ තොග පාලනය වඩාත් විධිමත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නව තාක්ෂණික ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ 2021 සහ 2024 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය සලකා බැලීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම නව තාක්ෂණික පියවරයන් පිළිබඳ තොරතුරු අනාවරණය විය.

ඒ අනුව, 2024 වර්ෂයේ සිට සියලු පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව, දැනට පවතින පෙළපොත් තොග සහ නැවත භාවිත කළ හැකි පොත් පිළිබඳ තොරතුරු සෘජුව ලබා ගැනීම සඳහා නව පරිගණක දත්ත පද්ධතියක් හඳුන්වා දී ඇති බව ද සඳහන්.

එමෙන්ම පොත් අලෙවිසල් ජාලගත කිරීම, පරිශීලක නාම හා මුරපද මගින් ආරක්ෂිත ප්‍රවේශ පද්ධති ස්ථාපිත කිරීම, ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා විධිමත් පරීක්ෂණ ක්‍රමවේද හඳුන්වා දීම මෙන්ම 'ඊ-තක්සලාව' කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සමඟ යාවත්කාලීන කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම පියවරයන් මගින් පවතින දෝෂ හා මූල්‍ය අක්‍රමිකතා අවම කරමින්, පෙළපොත් ක්‍රියාවලියේ විනිවිදභාවය, වගවීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් පැවසීය.

පාසල් පෙළපොත් මුද්‍රණය, බෙදාහැරීම සහ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පසුගිය වසරවලදී මතු වූ ගැටලු රැසක් සහ අවශ්‍යතාව නිවැරදිව ගණනය නොකිරීම හේතුවෙන් අතිරික්ත පොත් තොග රැස් වීම සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම වැනි කරුණු ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ 2002 වර්ෂයේ පාසල් පෙළපොත් මුද්‍රණයට අදාළව රුපියල් මිලියන 212කට ආසන්න මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවේ අදාළ මුද්‍රණ ආයතනය සහ එහි අධ්‍යක්ෂවරුන් සොයා ගැනීමට මේ වන විට නොහැකි වී ඇති බවය.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් විමර්ශන ක්‍රියාත්මක කරන අතර, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

එමෙන්ම, 2006 වර්ෂයේදී පෙළපොත් නියමිත කාලයට සැපයීමට අපොහොසත් වූ මුද්‍රණ ආයතනයකින් වන්දි මුදල් අය කර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද වීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු ව ඇත.

Sinhala - COPA - Education Publication Department (1) by poornima

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව