header logo
SLIC
උණුසුම් පුවත්
තනිකමින් පෙළෙන තනිකඩයින්ට රොබෝ සහකරුවෙක්
Jul 03, 202605:24 PM
තනිකමින් පෙළෙන තනිකඩයින්ට රොබෝ සහකරුවෙක්
EDEX

චීනයේ ප්‍රමුඛ පෙළේ රොබෝ තාක්ෂණ සමාගමක් වන UBTech, මානව සබඳතා සහ නවීන තාක්ෂණය මුසු කරමින් සුවිශේෂී මානවරූපී (Humanoid) රොබෝවරුන් පෙළක් වෙළෙඳපොළට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

'U1' ලෙස නම් කර ඇති මෙම රොබෝවරුන් නිර්මාණය කර ඇත්තේ මිනිසාට වඩාත් සමීප සහකරුවෙකු ලෙස කටයුතු කිරීමටය.

මෙම රොබෝවරුන්ගේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ පාරිභෝගිකයාගේ කැමැත්ත පරිදි ඔවුන්ව නිර්මාණය කළ හැකි වීමයි.

ඒ අනුව තමන්ගේ ආදරණීයයන්ගේ හෝ ප්‍රසිද්ධ කීර්තිමත් පුද්ගලයන්ගේ ස්වරූපයට සමාන වන ලෙස මෙම රොබෝවරුන්ව ඇණවුම් කිරීමට ගැනුම්කරුවන්ට අවස්ථාව පවතී.

නම්‍යශීලී, ජීවමාන සමකින් ආවරණය වී ඇති අතර, සැබෑ මිනිස් නියපොතුවලට සමාන නියපොතු සහ දෑත්වලින් සමන්විතය.

හඳුනාගැනීම සඳහා අක්ෂි කැමරා, පපුවේ සවි කළ සංවේදක (Sensors) සහ ශ්‍රවණ මයික්‍රොෆෝනවලින්ද යුක්තය.

මිනිසුන් සමග අදහස් හුවමාරු කරගැනීමේ සහ සැබෑ සහකරුවෙකු මෙන් කතාබස් කිරීමේ ඉහළ හැකියාවක්ද පවතී.

UBTech සමාගම ප්‍රකාශ කරන්නේ, මෙම රොබෝවරුන් විශේෂයෙන්ම තනිකඩ පුද්ගලයන් සහ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉලක්ක කර ගනිමින් නිර්මාණය කර ඇති බවය.

තනිකමෙන් සහ පාළුවෙන් කල්ගෙවන පුද්ගලයන්ට ජීවමාන 'ඇන්ඩ්‍රොයිඩ් සහකරුවෙකු' ලෙස මොවුන් සහය වනු ඇත.

චීන යුවාන් 119,800 (අ.ඩො. 17,600ක් පමණ) සිට තාක්ෂණික උපාංග සහ හැඩගැස්වීම් මත යුවාන් 990,000 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබේ.

චීනය තුළ පමණක් තනිකඩ පුද්ගලයන් මිලියන 120ක සහ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් මිලියන 320ක දැවැන්ත වෙළෙඳපොළක් පවතින බව සමාගම පෙන්වා දෙයි.

නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමටත් ප්‍රථම, මේ වන විටත් U1 රොබෝවරුන් සඳහා 13,300කට වඩා ඇණවුම් දැනටතම් ලැබී තිබේ.

UBTech සමාගම සැලසුම් කර ඇත්තේ මෙම ඇණවුම් බෙදාහැරීමේ කටයුතු එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමටය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට