header logo
SLIC
උණුසුම් පුවත්
ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා වන ප්‍රමුඛතා ක්ෂේත්‍ර ගැන ජනපති පහදයි
Jul 01, 202605:56 PM
ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා වන ප්‍රමුඛතා ක්ෂේත්‍ර ගැන ජනපති පහදයි
EDEX

මේ වන විට 5%ක මට්ටමේ පවතින මෙරට ආර්ථික වර්ධනය ඉදිරි වසරවලදී 7% 8% මට්ටම දක්වා ගෙන ඒමට වෙහෙසිය යුතු බවත්, එම ගමනේදී තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි පුළුල් දායකත්වයක් අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ පෙළේ සංගම් කර්‌මාන්තකරුවන් සහ ආයෝජකයන් සමග අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්‌යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

රටේ අනාගතය සුරක්ෂිත කළහැක්කේ දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කිරීමෙන් බව මෙහිදී පෙන්වාදුන් ජනාධිපතිවරයා රටේ පවතින සැබෑ විභවතාව ජය ගැනීමට රජය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස සියලුම ව්‍යවසායකයන්ට ආරාධනා කළ අතර මෙම කාර්යය ජය ගැනීම සඳහා වූ සිය යෝජනා මෙන්ම ක්ෂේත්‍රයේ දැනට මතුව ඇති ගැටලු පිළිබඳ වාර්තාවක් හැකි ඉක්මණින් ඉදිරිපත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

මෙරට ආර්ථීක වර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් ලබන වසරේදී ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බවත්, මෙමගින් ඇතිවන ඩොලර් ඉල්ලුම පියවා ගැනීමට අපනයන ක්ෂේත්‍රයේ දායකත්වය හැකි උපරිමයෙන් රජය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ඩොලර් ආදායම ඉහළ නංවා ගැනීම වෙනුවෙන් තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍ර වලින් ලබාගත හැකි පුළුල් දායකත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස විමසා බැලිණි.

දැනට ලංකාවේ පවතින තුන්වන විශාලතම අපනයන ආදායම් ක්ෂේත්‍රය වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මගින් වසරකට ඩොලර් බිලියන 05ක අපනයන ආදායමක් උපයා ගැනීමේ විභවතාව පවතින බවත්, දැනට ඩොලර් මිලියන 500ක් පමණ වන විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඩොලර් බිලියන 2ක් දක්වා ඉහළ නැංවීමේ විභවතාව පවතින බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන්හි ගෝලීය සන්නාමයක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමේ අවශ්‍යතාවත්, එම ක්ෂේත්‍ර දෙකටම අදාළ ඉහළ ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතු බැවින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් නැංවීම සහ යටිතල පහසුකම් සංර්වර්ධනය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම මෙම ක්ෂේත්‍ර වලට අදාළ තාක්ෂණික කොටස් ආනයනයේදී පවතින සංකීර්ණතා, වරාය නගරය ආශ්‍රිත සමාගම්වලට බැංකු පද්ධතිය සමග ගනු දෙණු කිරීමේදී පවතින බාධා, දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන දේශීය වෙළෙඳපොළ තුළ ප්‍රර්වධනය කිරීමේදී මතු වී ඇති ගැටලු ඇතුළු ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමේදී මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳ මෙහිදී ව්‍යාපාරිකයෝ ජනාධිපතිවරයා දැනුවත් කළ අතර එම බාධා ඉවත් කර ගැනීම ඇතුළු නීති අණපනත් වල සිදු විය යුතු සංශෝධන පිළිබඳවද අවධානය යොමු විය.

කර්‌මාන්තකරුවන්ගේ ගැටලු සහ යෝජනා සෘජුව ලබා ගැනීම සහ ඒවාට කඩිනම් විසඳුම් ලබා දීමට අදාළ පාර්ශ්ව නියෝජනය කරන විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමටද මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම මෙම ක්ෂේත්‍රයන්හි පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් දැනටමත් රජය සැලසුම් කර තිබෙන වැඩසටහන් පිළිබඳවද මෙහිදී ව්‍යාපාරිකයෝ දැනුවත් කෙරිණි.

මේ අතර Virtual Special Economic Zone සහ දත්ත මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා වන සැලසුම්, පර්යේෂණ හා සංර්වධන (R&D) කටයුතු සඳහා අවශ්‍ය විද්‍යුත් උපාංග ආනයනයේදී පවතින රේගු බාධා ඉවත් කිරීමට "Green Channel" වැනි ක්‍රමවේදයක් හඳුන්වා දීමට අදාළ සැලසුම්, Cloud සහ SaaS (Software as a Service) වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා විදේශීය ගෙවීම් කිරීමේදී පවතින ක්‍රෙඩිට් කාඩ්පත් සීමාවන් සහ බැංකු පද්ධතියේ ගැටලුවලට විසඳුම් ලබා දීමට ගෙන ඇති පියවර මෙහිදී පැහැදිළි කළ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ක්ෂේත්‍රයේ වෘත්තිකයන් විදේශගත වීම වැළැක්වීම සඳහා විකල්ප සහන ලබා දීම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව ද සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana