header logo
SLIC
ක්‍රීඩා
ජාත්‍යන්තර දැනුමෙන් සන්නද්ධ වන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණුකරුවන් 47ක්
Jun 30, 202610:44 PM
ජාත්‍යන්තර දැනුමෙන් සන්නද්ධ වන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණුකරුවන් 47ක්
EDEX

බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය (WPBA) විසින් සංවිධානය කළ උසස් මට්ටමේ බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ ප්‍රවීණ පාඨමාලාව සාර්ථකව අවසන් කර තිබේ.

ජූනි 22 සිට 27 දක්වා වෙළඳ බැඩ්මින්ටන් භාරකාර මණ්ඩල ක්‍රීඩාංගණයේදී පැවති මෙම දින හයක පාඨමාලාව සඳහා පුහුණුකරුවන් 47 දෙනෙකු සහභාගී වී ඇත.

ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පුහුණුවේ ප්‍රමිතිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පැවති මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවෙකු වන කිම් යොං මෑන් මහතා විසිනි.

ඔහු ජපාන ජාතික බැඩ්මින්ටන් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු, කොරියානු ජාතික කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු සහ ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ ලෝක පුහුණු මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.

පාඨමාලාව තුළදී නවීන පුහුණු ක්‍රමවේද, උපායමාර්ගික සංවර්ධනය, ක්‍රීඩක සූදානම සහ උසස් තාක්ෂණික පුහුණු ක්‍රම පිළිබඳව පුහුණුකරුවන් දැනුවත් කර ඇත.

සහතික ප්‍රදානෝත්සවය කොළඹ ඔලිම්පික් නිවසේදී පැවැති අතර, ශ්‍රී ලංකාවේ බොට්ස්වානා ගෞරව නියෝජ්‍ය කොන්සල් ජනරාල් සහ APACS ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජයසිරි සිල්වා මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්විය.

APACS ආසියා කලාපීය ප්‍රවර්ධන ප්‍රධානී පැට්‍රීෂියා ඇලෙක්සැන්ඩර් මහත්මිය ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආරාධිතයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පාඨමාලාව සාර්ථකව නිම කළ පුහුණුකරුවන් 47 දෙනා වෙත APACS ආයතනයේ අනුග්‍රහයෙන් බැඩ්මින්ටන් රැකට් සහ නිල ටී-ෂර්ට් ප්‍රදානය කර තිබේ.

බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සඳහන් කළේ, මෙම වැඩසටහන ජාත්‍යන්තර දැනුම හා සහයෝගීතාව හරහා ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පුහුණු ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් බවයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට