header logo
SLIC
උණුසුම් පුවත්
පුනරුත්ථාපනය වන තරුණ ප්‍රජාව වෘත්තිමය රැකියාවලට යොමු කිරීමට වැඩසටහනක්
Jun 30, 202608:10 PM
පුනරුත්ථාපනය වන තරුණ ප්‍රජාව වෘත්තිමය රැකියාවලට යොමු කිරීමට වැඩසටහනක්
Mobitel 1278

මත්ද්‍රව්‍යවලට යොමුවී පුනරුත්ථාපනය වන තරුණ ප්‍රජාව වෘත්තිමය රැකියාවලට යොමු කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය වැඩසටහනක් ආරම්භ කර තිබේ.

පුනරුත්ථාපනය වූ එම තරුණ තරුණියන් පෞද්ගලික අංශයේ ස්ථීර වෘත්තිමය රැකියා සඳහා යොමු කිරීම මෙමගින් අපේක්ෂා කරන අතර අන්ත්‍රාකාරී ඖෂධ පාලන ජාතික මණ්ඩලය, පුනරුත්ථාපන කාර්යාංශය හා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (30) පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට පෞද්ගලික අංශයේ කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු ලක්ෂ 4කට අධික ප්‍රමාණයක් බවතින බවත් එම පුරප්පාඩු සඳහා ප්‍රමාණවත් පුහුණ හා නොපුහුණු සේවකයින් නොමැති බවය.

මේ හේතුවෙන් ඉන්දියාව, චීනය වැනි රටවලින් විදේශීය ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමට දේශීය කර්මාන්තකරුවන්ට සිදුව ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

විශේෂයෙන් ඉදිකිරීම්, ටයිල් හා උපාංග, පාවහන්, සම්භාණ්ඩ, ඔටෝ මොබයිල් ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍ර රැසක මෙලෙස පුරප්පාඩු පවතින බව පෙන්වාදුන් හදුන්නෙත්ති අමාත්‍යවරයා කර්මාන්ත අමාත්‍යාශයේ සෘජු මැදිහත්වීම මත ක්‍රමවත් පුහුණුවක් හා වැඩපිළිවෙළක් යටතේ කර්මාන්තකරුවන් වෙත පුනරුත්ථාපනය කරන ලද ශ්‍රමික පිරිස් යොමු කිරීමට නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

මේ වනවිට විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවල වෘත්තීය පුහුණුව ලත් පුනරුප්තාපනය වූ තරුණ තරුණියන් දසදහසක් පමණ දෙනා සිටින බවත් වවුනියා, සේනපුර හා කන්දකාඩු යන පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුනෙන් වසරකට 800 ක පමණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ පිරිසක් පුනරුත්ථාපනය කර වෘත්තීය පුහුණුව සමඟ නැවත සමාජගත කරන බව මෙහිදී අනාවරණය විය.

මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන S.W.C. ජයමිණි, සුසන්ත ජයතිලක ඇතුළු කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරීන්, පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපති මහාචාර්ය වසන්තා සුභසිංහ, අන්ත්‍රාකාරී ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති J.A.K. මාර්ක් ඇතුළු අන්ත්‍රාකාරී ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ නිලධාරීන්, වෘත්තීය පුහුණු අධිකාරීයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව