header logo
SLIC
උණුසුම් පුවත්
මාර්ග අනතුරුවලට ප්‍රධානතම හේතුව තරුණ රියදුරන්ගේ අපරික්ෂාකාරි බවයි
Jun 30, 202606:43 PM
මාර්ග අනතුරුවලට ප්‍රධානතම හේතුව තරුණ රියදුරන්ගේ අපරික්ෂාකාරි බවයි
EDEX

අන්තරාදායක සහ අපරික්ෂාකාරි රිය ධාවනය කරන පිරිසට එරෙහිව ඉදිරියේ දී රථ වාහන නීතිවලට පමණක් සීමා නොවී අපරාධ නීතිය යටතේද දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා පහතා පවසයි.

අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මෙරට ධාවනය වන සමස්ත වාහන සංචිතයෙන් බහුතරයක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ බවත් බොහෝ විට ඒවා පදවන්නේ අවුරුදු 18ත් 25ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් බවත්ය.

සිදුව ඇති මාර්ග අනතුරුවල විමර්ශන වාර්තා අනුව මෙම පිරිස රථ වාහන නීති හෝ මහජනතාව සහ පදික ජනතාව ගැන කිසිදු තැකීමකින් තොරව ක්‍රියා කරන බවට අනාවරනය වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

"27 වෙනිදා ලංකාවෙන්ම අන්තරායකර, අපරීක්ෂාකාරී රිය ධාවන නඩු 321ක් වාර්තා වෙනවා. 28 වෙනිදා 315ක්. සුදු ඉර කපාගෙන යනවා කියන එකේ දඩ පත්‍රිකාවේ වරදක් සටහන් වෙනවා. ඒක ඒ වෙලාවෙම දඩ ගෙවලා යන්න පුළුවන්; 'GovPay' මඟින් ගෙවන්න පුළුවන්, හරිම පහසුයි. බරපතළ වැරදිවලටත් ඒ යටතේ තමයි අපි දඩ පත්‍රිකාව ලබා දුන්නේ. නමුත් දැන් අපි පැහැදිලිවම කියලා තියෙනවා, විශේෂයෙන්ම අන්තරායකර, අපරීක්ෂාකාරී ලෙස වාහනයක් ඉස්සර කරන්න යන අවස්ථාවල සුදු ඉර කපාගෙන යනවා නම්, එය ඉදිරියෙන් එන රථ වාහනයට අන්තරාදායක නම්, ඔහුගේ සහ මගීන්ගේ ජීවිතවලට හානියක් වෙනවා නම්, පැහැදිලිවම අපි කියලා තියෙන්නේ අන්තරාදාය සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම යටතේ ඒ අයට චෝදනා ඉදිරිපත් කරන්න කියලා. මේ යටතේ තුන් වරක් අධිකරණයකදී වැරදිකරු වුවහොත් රියදුරු බලපත්‍රය අත්හිටුවීම දක්වා නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්."

"අනිවාර්යයෙන්ම මේ වගේ වැරදි, එනම් අන්තරායකර සහ අපරීක්ෂාකාරී රිය ධාවනයට දඩ පත්‍රිකාවක් නොදී, අධිකරණයට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය දක්වා යන්න කියලයි අපි උපදෙස් දීලා තියෙන්නේ."

"මේ වෙනකොට මාර්ග රිය අනතුරුවලින් සිදු වූ මරණ සංඛ්‍යාව ගිය අවුරුද්දට සාපේක්ෂව 100කින් වැඩි වීමක් තියෙනවා. මාර්ග රිය අනතුරුවල 99%ක වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේවාට ගොදුරු වෙන්නේ පදිකයින්."

"විශේෂයෙන්ම මේ වගේ මාරක අනතුරු සිදු කළහොත්; මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම, බරපතළ තුවාල සිදු කිරීම සහ අන්තරාදායක රිය පැදවීම යටතේ, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 272 වගන්තිය අනුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා."

"විශේෂයෙන්ම වයස අවුරුදු 18, 20 සහ 22 වයස් කාණ්ඩවල අය. සමස්ත වාහන සංචිතය ගත්තොත් 51%ක් තියෙන්නේ යතුරුපැදි; 12%ක් තියෙන්නේ ත්‍රිරෝද රථ. මේවා පදවන පිරිස ගත්තොත් අවුරුදු 18 සිට 25, 30 වයස් කාණ්ඩවල පසුවන්නන්. මේ අය තමයි රථ වාහන නීති ගැන හෝ මහජනතාව සහ පදික ජනතාව ගැන කිසිම තැකීමක් නැතුව රිය පදවන්නේ. සමහර බස් රථ රියදුරනුත් මේ වගේ හැසිරෙනවා. ඒ අය සම්බන්ධයෙන් ඉතා දැඩිව රථ වාහන නීතිය ක්‍රියාත්මක කරනවා. ඊට සමගාමීව අපරාධ නීතියත් ක්‍රියාත්මක කරනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana