header logo
SLIC
උණුසුම් පුවත්
තරග පරාජයත් සමඟ ඉල්ලා අස් වූ දකුණු කොරියානු පාපන්දු පුහුණුකරුට මරණ තර්ජන
Jun 29, 202604:44 PM
තරග පරාජයත් සමඟ ඉල්ලා අස් වූ දකුණු කොරියානු පාපන්දු පුහුණුකරුට මරණ තර්ජන
Mobitel 1278

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසිවීමත් සමඟ, දකුණු කොරියානු පිරිමි ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හොං ම්යුන්ග්-බෝ තම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මෙවර තරගාවලියේ හොඳම තෙවැනි ස්ථාන දිනාගන්නා කණ්ඩායම් අතරට පැමිණ හෝ ඉදිරි වටයට සුදුසුකම් ලැබීමට දකුණු කොරියාව බලාපොරොත්තු තබා සිටියද, සෙනසුරාදා පැවති තරග ප්‍රතිඵලත් සමඟ එම බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම ගිලිහී ගියේය.

කණ්ඩායමේ මෙම අසාර්ථකත්වය රට තුළ දැඩි විවේචනයට ලක්ව ඇති අතර, දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-මියුන්ග් විසින් මෙම දරුණු පරාජයට හේතු සෙවීම සඳහා වහාම විමර්ශනයක් පවත්වන ලෙසද නියෝග කර තිබේ.

ඉරිදා දින රසිකයන්ගෙන් සමාව අයැද සිටි පුහුණුකරු හොං, "ප්‍රධාන පුහුණුකරු ලෙස මෙහි සම්පූර්ණ වගකීම මා භාරගන්නවා" යැයි පැවසීය.

සුපිරි ක්‍රීඩක සන් හ්‍යුං-මින් ගේ නායකත්වයෙන් යුත්, ෆිෆා ලෝක ශ්‍රේණිගත කිරීම්හි 32 වැනි ස්ථානයේ පසුවන දකුණු කොරියාව, මෙවර ලෝක කුසලානයේදී තරග දෙකක් පරාජය වී එකක් පමණක් ජයග්‍රහණය කළේය. ඒ අනුව ඔවුන් මෙක්සිකෝවට සහ දකුණු අප්‍රිකාවට පිටුපසින් කණ්ඩායම් වටය නිමා කළේය.

බ්‍රහස්පතින්දා දකුණු අප්‍රිකාව සමඟ පැවති තීරණාත්මක තරගයෙන් දකුණු කොරියාව ලකුණු 1-0 ක් ලෙස පරාජය වීමත් සමඟ විවේචන දැඩි විය.

කෙසේ වෙතත්, මෙවර ලෝක කුසලානය කණ්ඩායම් 32 සිට 48 දක්වා දීර්ඝ කිරීම නිසා හඳුන්වා දුන් නව රීතියකට අනුව, මූලික වටයේ හොඳම තෙවැනි ස්ථාන ලබන කණ්ඩායම් 8 ට ඉදිරි වටයට යාමට අවස්ථාව තිබූ බැවින් කොරියාව අවසන් මොහොත වනතුරු බලාපොරොත්තු රඳවාගෙන සිටියේය.

මෙක්සිකෝවේ පැවති මාධ්‍ය හමුවකදී තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කරමින් හොං පැවසුවේ, "අපිට රසිකයන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබාදීමට නොහැකි වුණා. මම ජාතික කණ්ඩායමෙන් සමුගත්තත්, කොරියානු පාපන්දු ක්‍රීඩාව අතහරින්නේ නැහැ. මම හැමදාම කණ්ඩායමට සුබ පතනවා," යනුවෙනි.

මෙම අනපේක්ෂිත පරාජය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති ලී ජේ-මියුන්ග් පැවසුවේ තමන් දැඩි කලකිරීමට පත්ව ඇති බවය.

තම X ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ මෙම අසාර්ථකත්වය වැරදි කළමනාකරණයේ සහ වැරදි පුද්ගලයන් තේරීමේ ප්‍රතිඵලයක් බවය.

"තනතුරු සඳහා සුදුසුකමට වඩා හිතවත්කම් සහ තමන්ගේ හිතවතුන්ට තැන දීම මුල් වූ විට, මෙවැනි විනාශකාරී ප්‍රතිඵල ලැබීම පුදුමයක් නොවෙයි," යැයි ජනාධිපතිවරයා දැඩිව පවසා තිබුණි.

සැබවින්ම, හොං ම්යුන්ග්-බෝ පුහුණුකරු ලෙස පත්කිරීම ආරම්භයේ සිටම දැඩි මතභේදයට තුඩු දුන් කරුණක් විය. ඔහු 2002 ලෝක කුසලානයේදී දකුණු කොරියාව අර්ධ අවසන් පූර්ව වටයට රැගෙන ගිය දක්ෂ ක්‍රීඩකයෙකු වුවද, 2014 දී ඔහු පුහුණුකරු ලෙස කණ්ඩායම මෙහෙයවූ අවස්ථාවේදී එකම තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට කොරියාවට නොහැකි විය.

එවැනි පසුබිමක, 2024 වසරේදී නැවත වරක් ඔහුව පුහුණුකරු ලෙස පත් කිරීමට කොරියානු පාපන්දු සංගමය කටයුතු කළේ වඩාත් සුදුසු විදේශීය පුහුණුකරුවන් කිහිපදෙනෙකුම ප්‍රතික්ෂේප කරමිනි. රසිකයන් චෝදනා කළේ පාපන්දු සංගමයේ ඉහළ නිලධාරීන් තම මිතුරාට මෙම තනතුර පිරිනමා ඇති බවය.

මේ අතර, ලෝක කුසලාන පරාජයෙන් පසු කෝපයට පත් රසිකයෙකු විසින් අන්තර්ජාලය ඔස්සේ පුහුණුකරු හොං හට මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ඔහු නැවත දකුණු කොරියාව බලා පැමිණෙන විට ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු ස්ථාන කිහිපයක ආරක්ෂාව තර කිරීමට දකුණු කොරියානු පොලිසිය පියවර ගෙන ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව