header logo
SLIC
උණුසුම් පුවත්
තායිලන්ත තරුණියක් ඝාතනය කළ බවට ඔස්ට්‍රේලියානුවෙක් අත්අඩංගුවට
Jun 29, 202603:59 PM
තායිලන්ත තරුණියක් ඝාතනය කළ බවට ඔස්ට්‍රේලියානුවෙක් අත්අඩංගුවට
Mobitel 1278

තායිලන්තයේ පතායා වෙරළබඩ නගරයේ දුම්රිය මාර්ගයක් අසල දමා තිබූ සංචාරක ගමන් මල්ලක් තුළ තිබී 17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් සොයාගෙන ඇති අතර, එම ඝාතනය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට මිනීමැරුම් චෝදනා එල්ල වී තිබේ.

තුන්චනොක් දොන්හොම්ලා (Tunchanok Donhomla) නැමැති මෙම තරුණියගේ නිරුවත් සිරුර ගමන් මල්ලක "ඔතා" දමා තිබියදී පසුගිය සෙනසුරාදා අලුයම පොලීසිය විසින් සොයා ගන්නා ලදී.

මෙම මරණය සම්බන්ධයෙන් සයිමන් පීටර් කාමන් නැමැති ඔස්ට්‍රේලියානු ජාතිකයා බැංකොක් නුවර සුවර්ණභූමි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව තායිලන්ත පොලීසිය පවසයි. ඒ, ඔහු "රටින් පලා යාමට සූදානම් වෙමින්" සිටි අවස්ථාවකදීය.

කෙසේ වෙතත්, සැකකරු තමන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරයි.

පතායා නගරයේ පොලීසිය සඳහන් කර ඇත්තේ මෙම 17 හැවිරිදි තරුණිය අතුරුදන් වී ඇති බවට පසුගිය සිකුරාදා සවස වාර්තා වී තිබූ බවය.

පොලීසිය විසින් ප්‍රදේශයේ CCTV දර්ශන පරීක්ෂා කර ඇති අතර, එහිදී බ්‍රහස්පතින්දා අලුයම 03:34 ට සැකකාර කාමන්, වින්දිත තරුණිය සමඟ නිවාස සංකීර්ණයකට ඇතුළු වන අයුරු දැකගත හැකි ව තිබේ.

පසුව එදිනම රාත්‍රියේ ඔහු විශාල ගමන් මල්ලක් ද රැගෙන තනිවම පිටතට පැමිණෙන අයුරුද එහි සටහන්ව ඇත. එම ගමන් මල්ල යතුරුපැදියකට පටවාගත් ඔහු දුම්රිය මාර්ගය දෙසට ධාවනය කර තිබේ.

මෙම දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය, සෙනසුරාදා අලුයම 01:15 ට ගුවන් තොටුපළේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් විනාඩි 15 කට පමණ පසු තරුණියගේ සිරුර අඩංගු ගමන් මල්ල සොයා ගැනීමට සමත්ව තිබේ.

කාමන් තමන්ට එල්ල වූ මිනීමැරුම් චෝදනා මෙන්ම සිරුරක් සැඟවීම සහ බාලවයස්කාරියක අපයෝජනය සඳහා රැගෙන යාම යන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර ඇති අතර, තමන් එය සිදුකළේ ආත්මාරක්ෂාව සඳහා බව පවසා ඇත.

මාධ්‍ය වාර්තාවලට අනුව, ලිංගික සේවා සැපයීම වෙනුවෙන් තරුණියට තායි බාත් 1,000 ක් ගෙවීමට එකඟ වී තිබුණද, කාමරයට පැමිණි පසු ඔහු බාත් 500 ක් පමණක් දීමට උත්සාහ කිරීම නිසා දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව තිබේ. එසේම තමන් නිදා සිටි අවස්ථාවේදී තරුණිය කාමරයෙන් "අතුරුදන් වූ" බවද ඔහු පොලිසියට පවසා ඇත.

පොලිස් භාරයේ සිටියදී පටිගත කරන ලද වීඩියෝවක සැකකරු මියගිය තරුණියගේ පවුලේ අයට පණිවිඩයක් දෙමින් පවසා සිටියේ:

"ඔබේ දියණියට සිදුවූ දේ ගැන මට කණගාටුයි. එය මගේ පාලනයෙන් තොරව සිදුවූවක්. ඔබ වගේම මමත් ලොකු කණගාටුවකින් ඉන්නේ. කරුණාකරලා අනිත් ගැහැණු ළමයින්ටත් කියන්න... ප්‍රවේශමෙන් ඉන්න කියලා."

කෙසේ වෙතත්, පතායා පොලිස් පවසා ඇත්තේ සැකකරුගේ ශරීරය පුරා නියපොතු සීරීම් සලකුණු පවතින බවත්, ඒවා පොරබැදීමකදී සිදුවූ සලකුණු බවත්ය. නමුත් කාමන් පවසන්නේ එම සීරීම් සලකුණු මකුළුවෙකු සපාකෑමෙන් සිදුවූ ඒවා බවය.

"Cake" යන සුරතල් නාමයෙන් හැඳින්වූ මෙම තරුණිය ඇගේ පියා සහ කුඩම්මා සමඟ ජීවත් වූ එකම දරුවා බව සඳහන් වේ. ඇය මිතුරියක සමඟ නිවාඩුවක් ගත කිරීමට යන බව පවසා ජුනි 16 වෙනිදා පතායා බලා පැමිණ ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව