header logo
SLIC
විශේෂාංග
ඇන්ටාක්ටිකාවෙන් සොයාගත් මුල්ම ඩයිනසෝර අස්ථිය ලාච්චුවකින් මතුවෙයි
Jun 29, 202602:55 PM
ඇන්ටාක්ටිකාවෙන් සොයාගත් මුල්ම ඩයිනසෝර අස්ථිය ලාච්චුවකින් මතුවෙයි
Mobitel 1278

වසර 40කට ආසන්න කාලයක් තිස්සේ කිසිවෙකුගේ අවධානයට ලක් නොවී රසායනාගාර ලාච්චුවක තිබූ අසාමාන්‍ය පොසිලයක්, ඇන්ටාක්ටිකාවෙන් මෙතෙක් හමුවූ ප්‍රථම ඩයිනසෝර අස්ථිය ලෙස හඳුනාගෙන තිබේ.

මෙම සුවිශේෂී පොසිලය මුලින්ම සොයාගෙන ඇත්තේ 1985 වසරේදී වුවද, එදිනෙදා ගවේෂණ කණ්ඩායමට එය කුමක්දැයි නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව සඳහන් වේ.

මේ හේතුවෙන් එය කේම්බ්‍රිජ් හි පිහිටි බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනයේ (BAS) භූ විද්‍යා එකතුවට අයත් ලාච්චුවක බහා තබා තිබී ඇත.

කෙසේ වෙතත්, මෑතකදී සිදුකළ නවතම පරීක්ෂණ මඟින් ප්‍රාදේශීය විද්‍යාඥයින් තහවුරු කර ඇත්තේ මෙය පෘථිවියේ ජීවත් වූ විශාලතම ඩයිනසෝර විශේෂයක් වන "ටයිටනසෝරයෙකුගේ" (Titanosaur) වල්ගයට අයත් අස්ථියක් බවය.

බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනයේ එකතු කිරීම් භාර කළමනාකරු වන ආචාර්ය මාර්ක් එවන්ස් හට මෙම පොසිලය අහඹු ලෙස හමුවී ඇත්තේ පැරණි සටහන් සහ සාම්පල පරීක්ෂා කරමින් සිටියදීය.

"ලාච්චුවක මොනවාද තියෙන්නේ කියලා නිකමට වගේ හොයලා බලද්දී තමයි මේ වගේ ඉතාම රසවත් දේවල් හමුවෙන්නේ," ඔහු පැවසීය.

මෙම අස්ථි කොටස 1985 දෙසැම්බර් 9 වන දින ජේම්ස් රොස් දූපතෙන් සොයාගත් බව භූ විද්‍යාඥ ආචාර්ය මයික් තොම්සන්ගේ පැරණි ක්ෂේත්‍ර සටහන් පොතක ලියා තිබී ඇති බව සඳහන් වේ.

එහි සෙන්ටිමීටර 10ක් පමණ පළලැති මෙම පොසිලයේ කුඩා රූප සටහනක්ද ඇඳ, "විශාල උරගයෙකුගේ කශේරුකාවක්" ලෙස සටහන් කර තිබුණි. එවකට ගවේෂකයින් සිතා සිටියේ මෙය සාගරයේ ජීවත් වූ උරගයෙකුගේ අස්ථියක් කියාය.

නමුත් ආචාර්ය එවන්ස් මෙය දුටු සැණින් හඳුනාගත්තේ මෙය සාගර උරගයෙකුගේ නොව, සැබෑ ඩයිනසෝරයෙකුගේ අස්ථියක් බවය.

මෙය ස්ථිර කරගැනීම සඳහා ඔහු ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ මහාචාර්ය පෝල් බැරට් කැඳවා තිබේ.

එහිදී පොසිලයේ ව්‍යුහය පරීක්ෂා කළ මහාචාර්ය බැරට් මෙසේ පවසා ඇත්තේ,

"මේක බැලූ බැල්මට සාමාන්‍ය ගලක් වගේ පෙනුණත්, මෙහි හැඩය ඉතාම සුවිශේෂීයි. මෙහි එක් කෙළවරක කුහරයක් සහ අනෙක් කෙළවරේ වටකුරු ගැටයක් තියෙනවා. මේවා එකිනෙකට සම්බන්ධ වෙන්නේ 'බෝල සහ කුහර' සන්ධියක් වගෙයි. මෙය ටයිටනසෝරයන්ට පමණක් ආවේණික ලක්ෂණයක්."

ලොව පුරා ටයිටනසෝර විශේෂ 100කට වඩා හඳුනාගෙන ඇත. ඔවුන් දිගු බෙල්ලක් සහ දිගු වල්ගයක් සහිත, ශාක භක්ෂක සිව්පාවුන් විශේෂයකි. මෙම විශේෂයේ විශාලතම සතුන් අඩි 115ක් දිගින් යුක්ත වූ අතර බර ටොන් 60ක් පමණ වන බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ඇන්ටාක්ටිකාවෙන් හමුවූ මෙම සත්ත්වයා අඩි 23ක් පමණ දිගැති කුඩා සත්ත්වයෙකු බව විද්‍යාඥයින් පවසයි. ඒ අනුව මූ මියයන විට කුඩා පැටවෙකු වන්නට හෝ, විශාල විශේෂ අතර සිටි කුඩා ප්‍රමාණයේ ජීවියෙකු වන්නට ඉඩ ඇති බව සඳහන් වේ.

විද්‍යාඥයින් පවසන පරිදි මෙම ඩයිනසෝරයා ජීවත් වී ඇත්තේ මීට වසර මිලියන 82කට පෙර, ක්‍රිටැසියස් යුගයේදී බව පැවසේ.

අද වන විට දැඩි සීතලෙන් සහ අයිස්වලින් වැසී පවතින ඇන්ටාක්ටිකාව, එදා සශ්‍රීක වනාන්තරවලින් පිරි, මෙම දැවැන්ත සතුන්ට ඕනෑ තරම් ආහාර සපයන සුපිරි පාරිසරික පද්ධතියක්ව පැවති බව මෙමඟින් තහවුරු වේ.

දැඩි හිම තට්ටු නිසා ඇන්ටාක්ටිකාවේ පොසිල සෙවීම අතිශය දුෂ්කරය. එබැවින්, වසර 40ක් තිස්සේ ලාච්චුවක සැඟව තිබී මතු වූ මෙම කුඩා අස්ථිය, ලෝකයේ දකුණු කෙළවරේ අතීත ජෛව විවිධත්වය තේරුම් ගැනීමට ලැබුණු අගනා දායකත්වයක් ලෙස විද්‍යාඥයින් හඳුන්වයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව