පොසොන් පුර පසළොස්වක පොහොය අදයි
June 29, 2026 06:11 am
මෙරට සම්බුද්ධ ශාසනය පිහිටුවීම සිහිපත් කෙරෙන පොසොන් පුර පසළොස්වක පොහොය අදට (29) යෙදී තිබේ.
මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරටට වැඩම කරවීම අදවන් පොහොය දිනක සිදුවූ අතර එතැන් සිට මෙරට බුදු දහම ස්ථාපිත වුණි.
අනුරාධපුර මිහින්තලා පර්වතයට වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිව එවකට පාලනය කළ දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස පංචසීලයේ පිහිටුවා චුල්ලහත්ථි පදෝපම සුත්‍රය දේශනා කළේ ද අදවන් පොහොය දිනකය.
බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිදිමින් ප්‍රථම වරට සවණක් බුදුරැස් විහිදීම ද පොසොන් පුර පසළොස්වක පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
තෙවැනි ධර්ම සංගායනාව පැවැත්වීම ද සිදුව ඇත්තේ අදවන් පොහොය දිනකය.
