header logo
SLIC
උණුසුම් පුවත්
'මම නැවත ඩකා නුවරට යනවා' - බංග්ලාදේශ හිටපු අගමැති ෂෙයික් හසීනා කියයි
Jun 28, 202610:31 PM
'මම නැවත ඩකා නුවරට යනවා' - බංග්ලාදේශ හිටපු අගමැති ෂෙයික් හසීනා කියයි
Mobitel 1278

මානව වර්ගයාට එරෙහිව සිදුකළ අපරාධ සම්බන්ධයෙන් තමන්ට මරණ දණ්ඩනය නියම වී තිබුණ ද, "මෙම වසර තුළදී" නැවත සිය රට බලා පැමිණෙන බව බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ප්‍රකාශ කර තිබේ.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ අද (28) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.

දැනට 78 වැනි වියේ පසුවන ෂෙයික් හසීනා, ඇයගේ වසර 15ක දැඩි පාලනයට එරෙහිව සිසුන් මෙහෙයවූ දැවැන්ත ජනතා නැගිටීමක් හමුවේ 2024 අගෝස්තු මාසයේදී අසල්වැසි ඉන්දියාවට පලා ගියාය.

ඉන් අනතුරුව, පසුගිය ජනවාරි මාසයේදී නව දිල්ලියේ පැවති මාධ්‍ය හමුවක් ඇමතීම හැරුණු විට ඇය ප්‍රසිද්ධියේ පෙනී සිට නැත.

ඉන්දීය මාධ්‍ය නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී හසීනා කියා සිටියේ තමන් මරණයට බිය නොවන බවත්, තමන්ට එරෙහිව ලබා දී ඇති අධිකරණ තීන්දුව "නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී සහ දේශපාලන අරමුණු මත පදනම් වූවක්" බවත්ය.

"මට එරෙහිව කුමන්ත්‍රණ රාශියක් දියත් වුණා. නමුත් ඒ හැම කුමන්ත්‍රණ ජාලයක්ම බිඳ දමමින් ජනතා ඡන්දයෙන් පස් වතාවක්ම මම අගමැති ලෙස තේරී පත් වුණා. රටේ පෙර නොවු විරූ සංවර්ධනයක් වෙනුවෙන් මම වැඩ කළා. මට පැහැදිලිව කියන්න අවශ්‍යයි, සෑම බාධකයක්ම සහ කුමන්ත්‍රණයක්ම පරාජය කරමින් මම මේ වසරේ මගේ රටට ආපසු යනවා." මරණ දණ්ඩනය හමුවේ වුවද නැවත රටට යන්නේදැයි නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ෂෙයික් හසීනා මේ බව පවසා තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේදී ඩකා නුවර අධිකරණයක් විසින්, ප්‍රචණ්ඩත්වයට අනුබල දීම, ඝාතනය කිරීමට අණ දීම සහ සාහසික ක්‍රියා වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ෂෙයික් හසීනා වැරදිකාරිය කරමින් ඇයව එල්ලා මැරීමට නියෝග කළේය. එමෙන්ම ඇය නායකත්වය දුන්, එරට වඩාත්ම ජනප්‍රිය පක්ෂයක් වූ "අවාමි ලීගය" ද මේ වන විට තහනම් කර ඇත.

මිලියන 170ක ජනගහනයක් වෙසෙන බංග්ලාදේශයේ පසුගිය පෙබරවාරි මාසයේ පැවැති මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් විශිෂ්ට ජයක් ලැබීමෙන් පසු ඉන්දියාව සහ බංග්ලාදේශය අතර සබඳතා යහපත් වී තිබේ. කෙසේ වෙතත්, ෂෙයික් හසීනාව තමන් වෙත භාර දෙන ලෙස බංග්ලාදේශය දිගින් දිගටම ඉල්ලා සිටීම හේතුවෙන් දෙරට අතර යම් රාජ්‍යතාන්ත්‍රික නොසන්සුන්තාවයක් තවමත් පවතින බව සඳහන් වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව