header logo
SLIC
උණුසුම් පුවත්
ජාතික ප්‍රගතිය අත්කර ගත හැක්කේ සාමූහික ප්‍රයත්නයන් සහ කැපවීම හරහායි - අගමැති
Jun 28, 202603:37 PM
ජාතික ප්‍රගතිය අත්කර ගත හැක්කේ සාමූහික ප්‍රයත්නයන් සහ කැපවීම හරහායි - අගමැති
Mobitel 1278

ජාතික ප්‍රගතිය අත්කර ගත හැක්කේ සාමූහික ප්‍රයත්නයන් සහ කැපවීම තුළින් බවත්, දැනුමෙන්, කුසලතාවයෙන් සහ හැකියාවෙන් පිරිපුන් සමාජයක් ගොඩනැඟීම සඳහා රටේ උසස් අධ්‍යාපනය දියුණු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඊයේ (27) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනයේ (IIESL) 48 වැනි වාර්ෂික සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

Chartered Engineers, Incorporated Engineers සහ Engineering Technicians ඇතුළු ලොව පුරා විහිදෙන ඉංජිනේරු වෘත්තිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ ප්‍රගතිය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම ආයතනය ස්ථාපිත කර ඇත. මෙහිදී ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවන්ගේ ආයතනයේ නව සාමාජිකයින් වෙත සාමාජිකත්ව සහතික ප්‍රදානය කිරීම ද අග්‍රාමාත්‍යවරයි අතින් සිදු කෙරිණි.

මෙහිදී සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරිය, ඉංජිනේරු වෘත්තිකයන් ජාතික සංවර්ධනය වෙනුවෙන් ඉටු කරන මෙහෙවර අගය කළාය. නිරන්තරයෙන් වෙනස් වන ගෝලීය ආර්ථික පරිසරය තුළ, ඇතැම් සුදුසුකම් සඳහා පවතින සීමිත පිළිගැනීම හේතුවෙන් බොහෝ දක්ෂ වෘත්තිකයන්ගේ රැකියා සහ වෘත්තීය ප්‍රගති අවස්ථා සීමා වී ඇති බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

එම අභියෝගවලට විසඳුම් ලබාදීම පුද්ගලික වෘත්තීය දියුණුවට පමණක් නොව, ශ්‍රී ලංකාව තුළ ඉංජිනේරු ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට හා ජාත්‍යන්තර තරගකාරිත්වය වැඩි කිරීමට අත්‍යවශ්‍ය බව ද ඇය අවධාරණය කළාය.

එම ඉලක්කයන් සපුරා ගැනීමේදී අධ්‍යාපනය වෙනුවෙන් රජයේ ඇති කැපවීම පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරිය, උසස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම ජාතික ප්‍රමුඛතාවක් බව ප්‍රකාශ කළාය. සිසුන්ට දැනුම පුළුල් කර ගැනීමටත්, කුසලතා වර්ධනය කර ගැනීමටත්, රටේ අනාගත සංවර්ධනයට ඵලදායී ලෙස දායක වීමටත් අවස්ථාව සලසන අධ්‍යාපනික පද්ධතියක් ගොඩනැඟීමට රජය කැපවී සිටින බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

එහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ, "ජාතික ප්‍රගතිය කරා යන ගමන සාමූහික උත්සාහයකින් සහ පොදු කැපවීමක් හරහා කළ හැක්කක්. ඒ සඳහා රජය, අධ්‍යාපනික ආයතන, වෘත්තීය ආයතන, කර්මාන්ත ක්ෂේත්‍රය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර පවතින සංවාද සහ සහයෝගීතාවයන් තවදුරටත් ශක්තිමත් කරගත යුතුයි." යනුවෙනි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව