header logo
SLIC
උණුසුම් පුවත්
හැඳුනුම්පත් නොමැතිව වැඩිහිටි දීමනාව අහිමිවූවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්
Jun 28, 202611:02 AM
හැඳුනුම්පත් නොමැතිව වැඩිහිටි දීමනාව අහිමිවූවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්
EDEX

ජාතික හැඳුනුම්පත් නොමැතිකම නිසා වැඩිහිටි දීමනාව අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටි පුද්ගලයන් සඳහා ජාතික හැඳුනුම්පත් සකස් කර දීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන දියත් කර ඇත.

ඒ අනුව ජාතික හැඳුනුම්පතක් නොමැති වීම නිසා වැඩිහිටි දීමනාව අහිමි වී සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වෙතොත්, ග්‍රාම නිලධාරී, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරී හෝ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හමුවන ලෙස ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය දැනුම් දීමක් කර තිබේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මගින්, අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබා දෙනු ලැබේ.

එමෙන්ම රුපියල් 3,000ක්ව පැවති එම දීමනාව රුපියල් 5,000 දක්වා ඉහළ නැංවීමට සහ දීමනාව හිමි පුද්ගලයන් සංඛ්‍යාව මිලියනයක් දක්වා වැඩි කිරීමට වත්මන් රජය තීරණය කළේය.

ඒ අනුව මේ වන විට 'අස්වැසුම' ගිණුම් මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 698,790කට සහ තැපැල් කාර්යාල මගින් 232,496කට මෙම වැඩිහිටි දීමනාව ලබා දීම සිදු කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට