header logo
SLIC
උණුසුම් පුවත්
මත්පැන් බෝතලේ ස්ටිකර් එක ගැන අලුත් අනාවරණයක්
Jun 28, 202607:38 AM
මත්පැන් බෝතලේ ස්ටිකර් එක ගැන අලුත් අනාවරණයක්
EDEX

මත්පැන් බෝතල් මත අලවනු ලබන ආරක්ෂිත ස්ටිකරය මුද්‍රණය සඳහා දරනු ලබන වියදම එය ඩිජිටල් ලෙස මුද්‍රණය කළ ද අඩුවී නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

එම ආරක්ෂිත ස්ටිකරය මෙරට නිෂ්පාදනය වන මත්පැන් සහ බීර සමාගම් දෙකක බෝතල් සඳහා ඇලවීමට නොහැකි වීම හේතුවෙන් එය බෝතලයේ ඩිජිටල් මුද්‍රණයක් ලෙස සිදුකරන බවද එහිදී අනාවරණය වී තිබුණි.

කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා,

"දැන් මේ ස්ටිකර් එකේ ප්‍රශ්නය. ප්‍රඩක්ෂන් එක කොහොමද ? කොච්චර හොරට විකිණෙනවාද කියන එකනේ අපි ප්‍රශ්න කරන්නේ."

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් එම්. ජයන්ත සිල්වා,

"ස්ටිකර් වැඩේ පටන් ගත්තේ 2022 වසරේ. 2027 ජනවාරි 2න් පස්සේ දැනට තියෙන ආයතනයේ ගිවිසුම අවසන් වෙනවා. අලුත් ටෙන්ඩරයක් දාන්න කටයුතු කරගෙන යනවා. ඒගොල්ලෝ ස්ටිකර් මුද්‍රණය කරලා දෙන්න ඕනේ. ස්ටිකර් ඇලවීම කරන්නේ මත්පැන් නිෂ්පාදකයා. ස්ටිකර් 1000කට ඩොලර් 5.99ක් ගෙවනවා. වරාය ගාස්තු සහ තීරුබදු ගාස්තු එක්ක ඔක්කොම ඩොලර් 7.99ක්. දේශීය සමාගම් දෙකෙන් එකක නිෂ්පාදන වේගවත් නිසාත් අනෙක් සමාගමේ සිසිල් කරලා ගන්න නිසා වතුර තියෙන නිසා කඩදාසි ස්ටිකර් එක අලවන්න බැහැ. ඒ නිසා ඒ සමාගම් දෙකට ඩිජිටල් ස්ටිකර් එකක් ගහලා තියෙනවා. 80%කට වඩා තියෙන්නේ ඩිජිටල්. අලවන්නේ නැහැ. ඩිජිටල් වදින්නේ."

කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා,

"ඩිජිටල් වදිනකොට ඒකට කීයක් ගන්නවාද ?"

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් එම්. ජයන්ත සිල්වා,

"ඒකටත් සර් ඩොලර් 7.99ක්."

කමිටුවේ සභාපති හර්ෂ ද සිල්වා,

"ඈ..ස්ටිකර් එකක් නෑනේ. මං අහන්නේ ඩොලර් 5.99ක් කිව්වා කොස්ට් එක කඩදාසියෙන් ගහන්න. මේකට 5.99ක් යන්නෑ නේ. ඩිජිටල් එකේදී ඇලවීමක් වෙන්නේ නෑ නේ. කොළයෙන් ඩිජිටල් ප්‍රින්ට් එකට යනකොට කොස්ට් එක 80% විතර අඩු වෙන්න ඇති නේ. 5.99ක මුදලක් ගෙවන්නේ ඇයි ?."

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් එම්. ජයන්ත සිල්වා,

"ටෙන්ඩර් එකේ දීලා තියෙන්නේ ඒ ගාන සර්."

ඒ අනුව එහි වියදම අඩු වුවද ස්ටිකරය මුද්‍රණය සඳහා යන වියදම අදාළ සමාගමට ලබාදී ඇති බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් එම්. ජයන්ත සිල්වා මහතා පැවසීය.

https://youtu.be/uxlf0oVZES0
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට