header logo
SLIC
උණුසුම් පුවත්
චරිත්, රඛිත සහ අරුණ අල්ලස්වලින් දේපළ අත්පත් කරගත්තාදැයි විමර්ශන
Jun 26, 202607:38 PM
චරිත්, රඛිත සහ අරුණ අල්ලස්වලින් දේපළ අත්පත් කරගත්තාදැයි විමර්ශන
Mobitel 1278

රැඳවුම් භාරයේ සිටි නඳුන් චින්තක නොහොත් හරක්කටා නමැත්තාට සහන සැලසීමටයැයි පවසා අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 1,200ක මුදලින් චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා සුඛෝපභෝගී වාහන සහ දේපළ මිලදීගෙන ඇත්දැයි සෙවීමට විමර්ශන ක්‍රියාත්මක බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා ඊයේ (25) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

මෙහිදී සැකකරුවන්ට දරුණු රෝගී තත්ත්ව ඇති බව පවසමින් ඔවුන්ගේ නීතිඥයින් ඇප ඉල්ලා සිටියද, එම ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකකරුවන් තිදෙනා ජූලි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් 'හරක්කටා' 2023 වර්ෂයේ රැඳවුම් භාරයේ සිටියදී ඔහුට සහන සැලසීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 1200ක අල්ලස් අත්තිකාරමක් ලබාගත්තේ යැයි වූ චෝදනාවක් සම්බන්ධයෙන් එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, වත්මන් හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ අරුණ වරුණහැන්දිගේ යන සැකකරුවන් ඊයේ (25) පෙරවරුවේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්විය.

අනතුරුව සැකකරුවන් තිදෙනා ඊයේ (25) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්දප්පෙරුම මහත්මිය කරුණු දැක්වූවාය.

" ස්වාමිනි, මේ විමර්ශනය ආරම්භ කළේ අල්ලස් කොමිසමට ලද නිර්නාමික පැමිණිල්ලකට අනුවයි. මේ සිදුවීම ආරම්භ වෙන්නේ මේ පළමු සැකකාර චරිත් අබේසිංහ නැමැත්තා හරක් කටාගේ සමීප හිතවතෙකු වන ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තාට ලබාදුන් දුරකථන ඇමතුමකට අනුවයි. මේ සැකකරු හර්බි නැමැත්තාට කියා තිබෙනවා රැඳවුම් භාරයේ සිටින හරක් කටාටත් මදුෂ්ට වුනදේම වෙන්න පුළුවන් එය වළක්වන්න සහ බුස්ස බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයකට මාරු කරන්න හැකියාව තිබෙනවා කියලා. ඒ නිසා හරක් කටාගේ බිරිඳ සමඟ ඩීල් එකක් දාලා දෙන්න කියලා මොහු හර්බි නැමැත්තාගෙන් ඉල්ලා තිබෙනවා. මේ කෝල් එකෙන් පසුදින ඒ කියන්නේ 2023 මාර්තු 25 චරිත්,රඛිත සහ අරුණ යන මේ සැකකරුවන් තිදෙනාම ඩුබායි රාජ්‍යට යනවා. පසුව හර්බි හරහා හරක්කටාගේ බිරිඳ වන මදුෂානි නැමැත්තියව සම්බන්ධ කරගන්නවා. පසුදින හර්බිගේ නිවසේදී මේ තිදෙනා හරක්කටාගේ බිරිඳ වන මදුෂානි නැමැත්තිය හමුවෙනවා. ඒම අවස්ථාවට මිදිගම රුවන් නැමැත්තාත් සම්බන්ධවෙලා තියෙනවා. පළමුව මොවුන් හරක් කටාගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 5000ක් ඉල්ලනවා. ඇය ළඟ එතරම් මුදලක් නැහැ කියූ නිසා එය රුපියල් ලක්ෂ 2000ට අඩුකරලා ලක්ෂ 1200ක් අත්තිකාරමක් ලෙස ඉල්ලනවා. ඩුබායි රාජ්‍යයේ මොවුන් රැඳී සිටි තුන්වන දිනයේදී තමයි හරක් කටාගේ බිරිඳ විසින් ලක්ෂ 1000ක මුදලක් හර්බිගේ නිවසේදී මොවුන්ට ලබාදී තිබෙන්නේ. මොවුන් ඉතුරු ලක්ෂ 200 ඉල්ලපුවාම හරක් කටාගේ බිරිඳ කියලා තියෙනවා රත්තරන් බඩු විකුණලා දින කිහිපයකින් එම මුදල ලබාදෙන්නම් කියලා. පස්සේ දින කිහිපයකින් මිදිගම රුවන් හර්බිට ඒ සල්ලිත් ගිහින් දීලා තියෙනවා. මේ සැකකරුවන් තිදෙනා ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි දින කිහිපයේ ඉදලා තියෙන්නේ මේ සැකකාර රඛිත නැමැත්තාගේ ඥාතී නිවසක. ඒ ඥාතියා තමයි පසුව දුන් මුදල් හර්බිගෙන් අරගෙන තියෙන්නේ. මේ සියලු ගනුදෙනු වෙලා තියෙන්නේ ඩිරාම් මුදල් ඒකකයෙන්. කොහොම නමුත් මේ මුදල් දීලා කෙටි කාලයක් ගතවෙද්දි පොරොන්දු ඉටු නොකිරීම නිසා මදුෂානි නැමැත්තිය හර්බිට කියලා තියෙනවා යළි මුදල් ඉල්ලලා දෙන්න කියලා. හර්බි චරිත්ගෙන් Call කරලා මුදල් ඉල්ලපුවාම චරිත් කියා තිබෙනවා මං ළඟ තියෙන්නේ ලක්ෂ 200යි, ලක්ෂ 1000ක් තියෙන්නේ රඛිත ළඟ. අපි සල්ලි ගත්තේ මරණය වළක්වන්න. දැනට ඒකවෙලා නැහැ. ගනුදෙනුව අවසන් කරන්න ඉතුරු ලක්ෂ 800 දෙන්න කියලා. මේ දුරකථන සංවාදය හර්බි පටිගත කර තිබී අල්ලස් කොමිසමට ලබාදුන්නා.

කොහොම නමුත් පසු අවස්ථාවක මේ චරිත් නැමැත්තා ලක්ෂ 200ක මුදලක් මෑතකදී මියගිය මිදිගම ලසන්ත මාර්ගයෙන් හර්බි හරහා හරක්කටාගේ බිරිඳට යවා තිබෙනවා. මේ සිදුවීම පිළිබඳ හරක් කටාගේ බිරිඳ මදුෂානි නැමැත්තිය ලිඛිතව පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබෙනවා. ඒ වගේම හර්බි නැමැත්තා දිවුරුම් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. විමර්ශන නිලධාරින් රැඳවුම් භාරයේ සිටින නදුන් චින්තක හෙවත් හරක් කටාගෙන් සහ මිදිගම රුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙනත් තියෙනවා. මේ මුදල්වලට කුමක්ද සිදුවූයේ කියා වැඩිදුර විමර්ශන කළ යුතුයි.

දැනට අනාවරණය ඇති ආකාරයට මේ තෙවන සැකකරු තමයි උන්ඩියල් ක්‍රමයට අදාළ මුදල් ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. අදාළ කාලයේදී පළමු සහ දෙවන සැකකරුවන් සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම් සහ නිවාස ඉදිකිරීම් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳවද විමර්ශකයින්ගේ අවධානය යොමු වී තිබෙනවා."

මෙහිදී සහකාර නීති අධ්‍යක්ෂවරිය හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සම්බන්ධයෙන්ද කරුණු අනාවරණයක් සිදු කළාය.

" ස්වාමිනි මේ සිදුවීම ගැන අනුප එරංජිත් නැමැත්තෙක් සයිබර් නිව්ස් කියන සමාජ මාධ්‍ය වෙබ් අඩවිය හරහා මුල්වරට අනාවරණයක් කර තිබෙනවා. නමුත් මේ සැකකාර රඛිත රාජපක්ෂගේ පියා එවකට නීතිපතිවරයාට පැමිණිල්ලක් කරලා තියෙනවා අදාළ පුද්ගලයා අසභ්‍ය වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා කියලා. පසුව ඒ පුද්ගලයාට එරෙහිව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තාවීමකුත් වෙලා තියෙනවා. මේ හරහා ඒ පුද්ගලයාට යම් බලපෑමක් වී ඇති බවයි විමර්ශන නිලධාරින්ගේ මතය."

අනතුරුව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතිඥයින් සිය සේවාදායකයින් වෙනුවෙන් දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව සුවිශේෂි කරුණු දක්වමින් ඇප ඉල්ලා සිටියහ.

එහිදී පළමුව සැකකාර රඛිත රාජපක්ෂ වෙනුවෙන් පළමුව ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දැක්වූවේය.

" ස්වාමිනි, මගේ මේ නඩුවේ කරුණු බලපු ගමන් පේනවා මේ කරුණු බොරු කියලා. අල්ලස් කොමිසම විතරයි මේවා විශ්වාස කරන්නේ. මගේ සේවාදායකයා නිර්දෝෂයි. ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කළහොත් ඔහුගේ වෘත්තීමය කටයුතුවල නිරතවීමට නොහැකිව සේවාදායකයෝ වෙනුවෙන් නඩුවලට පෙනී සිටිමට නොහැකිවෙනවා. ඒ වගේම මොහු Sleep apnea නැමැති රෝගයෙන් පෙළෙනවා. බන්ධනාගාරය තුළ ඊට ප්‍රතිකාර නොමැති බැවින් මොහු රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළ මරණය හෝ ජීවිත අවදානමක් ඇතිවිය හැකියි. එබැවින් මෙම කරුණු සලකා බලා මගේ සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා."

මෙහිදී නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව වෙනුවෙන් යැයි පවසමින් කරුණු දැක්වීමක් සිදු කළේය.

"සාමාන්‍යයෙන් පැමිණිල්ලක් ආපුවාම ඇවිල්ලා ප්‍රකාශයක් දෙන්න කියලා දැනුම්දීමක් කරනවා. නමුත් මෙතනදී ඒ මුකුත් නැතුව හමුදාවෙන් පනිනවා වගේ පැනලා නීතිඥවරයෙකුව බෙල්ලෙන් අල්ලන් ආවා. ඒකද කළු කෝට් එකට තියෙන වටිනාකම. මේක අපේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක්. සමස්ත නීතිඥ ප්‍රජාවේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක්. අපිට වරප්‍රසාද ඕනේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව වෙනුවෙන් මම මේ කියන්නේ. ශ්‍රී ලංකාවේ නීතිඥවරු 28,000ම මේ වෙනුවෙන් හිටගන්නවා."

අනතුරුව සැකකාර චරිත අබේසිංහ වෙනුවෙන්ද නීතිඥවරයෙක් ඇප අයැද සිටියේය.

" ස්වාමිනි, මගේ සේවාදායකයාට එරෙහිව සාක්ෂි ලබාදෙන සාක්ෂිකරුවන්ගේ විශ්වාසනීයභාවය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඔවුන් අපරාධවලට සම්බන්ධව රැඳවුම් භාරයේ සිටින්නන්. එක්කෝ ඔවුන් තමන්ගේ රැඳවුම් නියෝගයෙන් මිදෙන්න මෙහෙම ප්‍රකාශ කරන්න පුළුවන්, නැතිනම් පොලිසියේ වුවමනාව මත මෙවැනි ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම ස්වාමිනි මගේ සේවාදායකයා දරුණු හෘද රෝගී තත්ත්වකින් පෙලෙනවා. ඔහුට ස්ටෙන්ට් 03ක් දාලා තව 05ක් දාන්න තියෙනවා. 60 පැනපු පුද්ගලයෙකුට එන සියලු රෝග අවාසනාවන්ත ලෙස තරුණ වයසේදීම මොහුට තියෙනවා. එබැවින් මොහු රක්ෂිත බන්ධනාගාරගත කිරීම මොහුගේ ජීවිතයට අවදානමක් ඇති කළ හැකියි."

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ කරුණු දැක්වීම් ඇප ලබාදීමට තරම් සුවිශේෂි කරුණු නොවන බව දක්වමින් සැකකරුවන් ජුලි 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ මෙවැනි සිදුවීමකට අදාළව සිය සාමාජිකයෙකු අත්අඩංගුවටගෙන ඇති අවස්ථාවක සංගමයේ කාර්යභාරය වන්නේ අදාළ නෛතික ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම හා ඉදිරි පියවර පිළිබඳ සංගමයට වාර්තා කිරීම පමණක් බවය.

මෙම ක්‍රියාමාර්ගය අතරතුර නීතිඥ සංගමය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නීතිඥ සංගමයේ විධායක කමිටුව කිසිදු නීතිඥවරයෙකුට බලය පවරා නොමැති අතර සැකකාර නීතිඥවරයා වෙනුවෙන් කිසිඳු නියෝජනයක් කිරීමට නීතිඥ සංගමය තීරණය කර නොමැති බවද එම නිවේදනයේ සඳහන්ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්