header logo
SLIC
උණුසුම් පුවත්
'රටම එකට' මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ගණන 214,333ක් දක්වා ඉහළට
Jun 26, 202604:29 PM
'රටම එකට' මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ගණන 214,333ක් දක්වා ඉහළට
EDEX

'රටම එකට' ජාතික මෙහෙයුම ආරම්භ කළ දින සිට ඊයේ (25) දිනය දක්වා වූ කාලසීමාව තුළ වැටලීම් 215,526ක් සිදු කර ඇති අතර සැකකරුවන් 214,333ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙරට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් 2025 ඔක්තෝබර් 30 වන දින සිට "රටම එකට" ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබයි.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම මඟින් දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කිරීම සහ ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම ඇතුළු බහු විධ ප්‍රවේශයන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් පුද්ගලයන් 3,112 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන පවත්වාගෙන යන අතර, තවත් සැකකරුවන් 360 දෙනෙකුගේ නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

මීට අමතරව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 2,188 දෙනෙකු පුනරුත්තාපන කටයුතු සඳහා යොමු කිරීමටද පියවර ගෙන ඇත.

මෙම වැටලීම්වලදී සොයාගන්නා ලද ප්‍රධාන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, වැටලීම් 69,951කදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,963ක් සහ ග්‍රෑම් 863ක් ද, වැටලීම් 82,594කදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,119ක් සහ ග්‍රෑම් 629ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

එමෙන්ම වැටලීම් 189කදී කොකේන් කිලෝග්‍රෑම් 288ක් සහ ග්‍රෑම් 864ක් සොයාගෙන ඇති අතර, වැටලීම් 47,905ක් හරහා ගංජා කිලෝග්‍රෑම් 5,817ක්, ග්‍රෑම් 714ක් සහ ගංජා පැළ 12,899,201ක් සොයාගෙන තිබේ.

තවද, මෙම මෙහෙයුම්වලදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 479ක් සහ ග්‍රෑම් 246ක් ද, හෂිෂ් කිලෝග්‍රෑම් 312ක් සහ ග්‍රෑම් 291ක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට