header logo
SLIC
උණුසුම් පුවත්
ඉන්දීය අගමැති සහ චීන විදේශ ඇමති අතර හමුවක්
Jun 24, 202601:24 PM
ඉන්දීය අගමැති සහ චීන විදේශ ඇමති අතර හමුවක්
Mobitel 1278

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ චීන විදේශ ඇමති Wang Yi මහතා අතර හමුවක් ඊයේ (23) නවදිල්ලි නුවරදී සිදුව තිබේ.

ඉන්දියාවේ පැවැත්වෙන 16 වන බ්‍රික්ස් ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ සහ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ රුස්වීම සඳහා සහභාගීවීමට Wang Yi මහතා ඉන්දියාවට ගොස් සිටින අතරතුර මෙම හමුව සිදුව ඇත.

වර්තමාන ගෝලීය තත්ත්වය යටතේ ඉන්දියාව සහ චීනය සිය සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවත් ඉහළ මට්ටමේ සබඳතා පවත්වා ගත යුතු බවත් නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී ප්‍රකාශ ක‍ළේය.

එමෙන්ම ප්‍රායෝගික සහයෝගිතා ප්‍රවර්ධනය කරමින් ගෝලීය දකුණේ රටවල පොදු අවශ්‍යතා ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බව ද ඔහු පෙන්වා දී තිබේ.

එළැඹෙන වසරේ බ්‍රික්ස් සංවිධානයේ සභාපතිත්වය දරණ චීනයට ඉන්දියාව සහයෝගය ලබාදෙන අතර බ්‍රික්ස් සංවිධානයේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩව චීනය සමග එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද මෝදි මහතා එහිදී පවසා ඇත.

මේ අතර, Wang Yi මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, ඉන්දියාව සමග එක්ව දෙරටේ නායකයින් අතර ඇති කර ගත් වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කිරීමට චීනය අපේක්ෂා කරන බවය.

සැකයන් දුරුකර අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව පවත්වා ගැනීමටත්, සංවේදී ගැටලු නිසිලෙස විසඳා ගැනීමටත්, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් සහයෝගිතා පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පවසා ඇත.

එමෙන්ම ඉන්දු-චීන සබඳතාවන්හි ධනාත්මක ප්‍රවණතාව පවත්වා ගනිමින් දෙපාර්ශ්වයේ නවීකරණ ක්‍රියාවලීන් එක්ව ඉදිරියට මෙහෙයවිය යුතු බවත් Wang Yi මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට