පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම්කළ තිදෙනෙකු කොටුවෙයි
June 23, 2026 05:26 pm
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් තිදෙනෙකු බෝගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරුවන් සේමමඩු රක්ෂිතයේ කැණීම් සිදුකරමින් සිටින අතරතුර කැණීම් උපකරණ ද සමඟ මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් අවුුරුදු 23,38 සහ 74 වියේ පසුවන නාච්චාදූව සහ පූනෑව ප්‍රදේවල පදිංචිකරුවන් බව සඳහන් වෙයි.
බෝගස්වැව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
