උඩප්පුව වෙරළ තීරයේ නාඳුනන පිරිමි මළ සිරුරක්
June 22, 2026 04:05 pm
උඩප්පුව ආඬිමුනේ වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබේ.
අද (22) මෙම නාඳුනන පිරිමි මළ සිරුර ආඬිමුනේ වෙරළට ගොඩ ගසා තිබියදී ධීවරයින් විසින් දැක ඒ පිළිබඳව උඩප්පුව පොලීසිය දැනුවත් කර තිබේ.
මළ සිරුර සම්බන්ධයෙන් පුත්තලම අපරාධ ස්ථානීය පරික්ෂණ නිළධාරීන් පරීක්ෂණ සිදුකර ඇත.
අදාළ නාඳුනන සිරුර ආඬිමුනේ වෙරළට ගොඩගසන අවස්ථාවේදී එයට හානි සිදුව තිබු බවත් සිරුරේ ඇතැම් කොටස් දියවී තිබු බවත් සඳහන් වෙයි.
