header logo
SLIC
උණුසුම් පුවත්
අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි
Jun 22, 202601:33 PM
අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි
Mobitel 1278

අමෙරිකාව සහ ඉරානය අතර ඊයේ ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු පළමු වටයේ සාම සාකච්ඡා සාධනීය ලෙස සාර්ථක බවත්, එහිදි දින 60ක් තුළ අවසන් එකඟතාවකට පැමිණීමට අදාළ කාලරාමුවක් සඳහා එකඟවූ බවත් මැදිහත්කාරි රටවල් නිවේදනය කර ඇත.

කෙසේ නමුත් දැඩි ප්‍රතිපත්තියක පසුවන ඊශ්‍රායලය අවධාරණය කරන්නේ ලෙබනනයේ අත්පත් කරගත් කලාප අත් නොහරින බවය.

අමෙරිකාව සහ ඉරාන අතර ස්ථිරසාර සාමයක් ඇතිකරගැනීමේ අරමුණින් යුතුව දෙපාර්ශ්වය පසුගිය සතියේදී සාම අවබෝධතා ගිවිසුමකට එකඟ විය.

දෙපාර්ශ්වයේ නියෝජිතයින් ස්විට්සර්ලන්තයේ බෘගන්ස්ටක් හි පිහිටි කටාර් රාජ්‍යයට අයත් නිවාඩු නිකේතනයකට රැස්වුණේ කරුණු 14කින් යුතු එම යෝජනාවලියට අදාළ ඉදිරි කරුණු සාකච්ඡා කිරීම සඳහාය.

මැදහත්කාර රටවල් වන පාකිස්තානයේ අගමැති ෂෙබාස් ෂරීෆ්, හමුදාපති අසීම් මුනීර් මෙන්ම කටාර් හි අගමැති ෂෙයික් මොහොමඩ් බින් අල් තානි ද එම විශේෂ අවස්ථාවට සහභාගි වී සිටියහ.

මුහුණට මුහුණලා පැවති අමෙරිකා - ඉරාන නියෝජිත සාකච්ඡාවලදී ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව පවත්වා ගැනීම මෙන්ම ලෙබනනයේ සටන් නැවැත්වීම යන කරුණු සඳහාය.

කෙසේ නමුත් සාකච්ඡා පැවැත්වෙන අතරතුර අමෙරිකානු ජනාධිපතිවරයා පළකළ තර්ජනාත්මක ප්‍රකාශ හේතුවෙන් සාම සාකච්ඡා කඩාකප්පල්වීමේ අවදානමක් ද මතුවූ බව වාර්තා වේ.

ඉරානය වහාම ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ ප්‍රහාර නැවැත්වීමට කටයුතු කළ නොකළහොත් ඉරානය වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරන බව ජනාධිපති ට්‍රම්ප්ගේ ටෘෘත් සටහනක් තබමින් පැවසීය.

එමෙන්ම ඔහු පසුව පවසා තිබුණේ ඉරානය හෝමුස් වසා දැමුවහොත් අමෙරිකානු හමුදා යොදවා එය මුළුමනින්ම අල්ලාගන්නා බවය.

මෙම ප්‍රකාශ හෙලා දකිමින් ඉරාන නියෝජිත කණ්ඩායම සාකච්ඡා මේසය මඟහැරීමට තීරණය කළ බව වාර්තා විය.

එම අසීරු අවස්ථාවේදී උප ජනාධිපති වෑන්ස් රැස්ව සිටි පිරිස ඇමතුවේය.

''මෙය ඓතිහාසික හමුවක්. අන් කිසිදාක ඉරාන සහ අමෙරිකානු ඉහළ නායකත්වය මෙතරම් සමීප සාකච්ඡාවකට එක්වී නැහැ. ජනාධිපතිවරයා අපෙන් ඉල්ලන්නේ පැවති තත්ත්වය වෙනස් කර නැවුම් ආරම්භයක් ලබාගන්නා ලෙසයි. ඉරාන ජනතාව සමඟ සබඳතාව වෙනස් කරන්න කියලා. සාමය අත්පත් කරගැනීම කිසිවිටෙක පහසු නැහැ. සාමය වෙනුවෙන් බොහෝ දේ කළ යුතුයි. දෙයක් ලබාගන්න දෙයක් කැප කරන්න වෙනවා. අමෙරිකානු ජනාධිපතිවරයා අමෙරිකාව සහ ඉරානය අතර සාමය වෙනුවනේ විතරක් නෙමෙයි කලාපයේ සාමය වෙනුවෙනුත් කැප වෙලා ඉන්නවා. ඒකයි අපි අතර පවතින ගැටලු විසඳාගන්න මහන්සි වෙන්නේ''

කෙසේ නමුත් පාකිස්තානයේ සහ කටාර් රාජ්‍යයේ දැඩි ප්‍රයත්නය හමුවේ ඉරාන සහ අමෙරිකාව අතර සාකච්ඡා නැවත ආරම්භ වී ඇති නමුත් ඒවා මැදහත්කාරී පාර්ශ්ව ඔස්සේ සිදුවූ බව සඳහන්.

ඒ අනුව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළ පාකිස්තානය සහ කටාර් රාජ්‍ය නිවේදනය කළේ, දින 60ක් තුළ අවසන් එකඟතාවකට පැමිණීමට අදාළ කාලරාමුවකට (ROAD MAP) අමෙරිකාව සහ ඉරානය එකඟවූ බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්