
කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03කට අධික ප්‍රමාණයක් සහ හෙරෝයින් තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුසීය.
සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 944ක්, හෙරොයින් ග්‍රෑම් 215ක් සහ මුදලින් රුපියල් 650,000ක මුදලක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සොයාගෙන තිබේ.

















































