header logo
SLIC
උණුසුම් පුවත්
ඩෙංගු වසංගතයක් දක්වා වර්ධනය වීම ගැන සෞඛ්‍ය කීට විද්‍යා සංගමයෙන් පැහැදිලි කිරීමක්
Jun 22, 202608:12 AM
ඩෙංගු වසංගතයක් දක්වා වර්ධනය වීම ගැන සෞඛ්‍ය කීට විද්‍යා සංගමයෙන් පැහැදිලි කිරීමක්
EDEX

ඩෙංගු වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පූර්ව පුරෝකථන ඉදිරිපත් කර තිබියදීත්, ඇතැම් බලධාරීන් සහ නිලධාරීන් නිසි වේලාවට සුදුසු පියවර නොගැනීම හේතුවෙන් මේ වන විට ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පෙන්වා දෙන්නේ ජනවාරි මාසයේ සිට ක්‍රමයෙන් වර්ධනය වූ ඩෙංගු මදුරු කීට ඝනත්වය පෙන්වන බිටෝ දර්ශකය අප්‍රේල් මාසය වන විට බොහෝ ප්‍රදේශවල සියයට 25 ඉක්මවා තිබූ බවය.

මේ පිළිබඳව අප්‍රේල් මාසයේදීම ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා හරහා අදාළ පළාත් බලධාරීන් දැනුවත් කළ ද, ඇතැම් කොට්ඨාසවල නිලධාරීන් තීන්දු තීරණ ගැනීමට ප්‍රමාද වීම මෙය වර්ධනය වීමට බලපා ඇති බවද ඒ මහතා පැවසීය.

මීට අමතරව, 2017 වර්ෂයේ පැවති වෛරස් කාණ්ඩයම 2026 වසරේදී නැවත පැමිණ තිබීම හේතුවෙන්, මිනිසුන් තුළ ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් නොමැති වීම ද ආසාදිතයින් වැඩි වීමට බලපා ඇති බව නජිත් සුමනසේන මහතා පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා,

"සමීක්ෂණ දත්තයන්ට අනුව අපිට පෙනුනා ජනවාරි මාසේ, පෙබරවාරි මාසේ එනකොට, මාර්තු මාසයේදී ක්‍රම ක්‍රමයෙන් බිටෝ දර්ශකය වර්ධනය වෙමින් පැවතුනා. අප්‍රේල් මාසේ වෙනකොට බිටෝ දර්ශකය බොහෝ ප්‍රදේශවල සියයට 25කට වැඩි තත්ත්වයකට තිබුණා සෑම ප්‍රදේශයකම. ඉතින් මේ තත්ත්වය අපි අප්‍රේල් මාසයේ විතර දැනුම් දුන්නා. නමුත් ඒ දැනුම් දීමට අනුව ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂකතුමා විසින් අදාළ පළාත්වලටත් දැනුම් දෙනවා. නමුත් මේ දැනුම් දුන්නම ඒ කොට්ඨාසවල සමහර නිලධාරීන් අතින්, ඒ අදාළ බලධාරීන් අතින් මේ සම්බන්ධව යම් තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයක් සිද්ධ වුණා. සමහර ප්‍රදේශවල ඒ සම්බන්ධව අපේ වාර්තා අනුව කටයුතු කරපු ප්‍රදේශත් තියෙනවා, නැති ප්‍රදේශත් තියෙනවා. මේ වසංගත තත්ත්වය පුරෝකථනය කරලා, ඉදිරි අනාගතයේදී මේ තත්ත්වය එන්න ඉඩ තියෙන බව දැන දැනත් ඒ සඳහා ගත්ත ක්‍රියාමාර්ග ප්‍රමාද වීම හේතුවෙන් තමයි මේ ජුනි මාසේ වෙනකොට මේ තරම් විදිහට ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම ඉහළ යන්න හේතුවක් වෙන එක හේතුවක්. අනිත් එක තමයි 2017 තිබුණු වෛරස් කාණ්ඩය, 2026 මේ අවුරුද්දෙත් ඇවිල්ලා තියෙනවා. ඒකත් අපේ ශරීරයට මිනිස්සුන්ට ප්‍රතිශක්තියක් නැහැ"

මේ අතර, ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කර සිටින්නේ 2026 වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 45,037ක් සහ මරණ 28ක් වාර්තා වී ඇති බවය.

විශේෂයෙන්ම කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, ගාල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල තවදුරටත් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වීම පෙන්නුම් කරන බව ද ඇය සඳහන් කළාය.

එහිදී අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය,

"2026 මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 45,037ක් සහ මරණ 28ක් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි දකිනවා කොළඹ, ගම්පහ, මාතර, කළුතර, රත්නපුර, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල තවදුරටත් වැඩි වශයෙන් රෝගීන් වාර්තාවීම පෙන්නුම් කරනවා. ඉතින් විශේෂයෙන්ම අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මහජනතාව විදිහට අපි මේ ගැන සැලකිලිමත් වුණොත් විතරයි මේ රෝගය අඩු කරගන්න පුළුවන් වෙන්නේ. මොකද මදුරුවන් බෝවන ස්ථාන අඩු කරගැනීමෙන් තමයි අපිට රෝගය අඩු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි සියලුදෙනාම එකතුවෙලා තමන්ගේ පරිසරය මදුරුවන් බෝවිය හැකි ස්ථාන තවදුරටත් දිගින් දිගටම සොයාබලා අයින් කරගන්නවා නම් අපිට මේ රෝගය අඩු කරගන්න පුළුවන්. ඒ සඳහා හැමෝගෙම සහය බලාපොරොත්තු වෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට