header logo
SLIC
උණුසුම් පුවත්
මෙරට රෝහල් පද්ධතියට නවීනතම CT ස්කෑන් යන්ත්‍ර 11ක්
Jun 21, 202605:05 PM
මෙරට රෝහල් පද්ධතියට නවීනතම CT ස්කෑන් යන්ත්‍ර 11ක්
Mobitel 1278

ආඝාත, පිළිකා, හෘද ඇතුළු රෝග විනිශ්චය සේවාවන්ට දැවැන්ත තාක්ෂණික අත්වැලක් සපයමින් මෙරට රෝහල් පද්ධතියට රුපියල් මිලියන 1950ක වියදමකින් අධි තාක්ෂණික නවීනතම CT ස්කෑන් යන්ත්‍ර 11 ක් හිමිව ඇති බව සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විට පුළුල් වැඩසටහනක් සම්පාදනය කර ඇත.

රෝග විනිශ්චය සේවා නවීකරණය හා පුළුල් කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

එම වැඩසටහන තුළ දිවයින පුරා රෝහල් වල සිටි (Computed Tomography) ස්කෑනර් සේවා පුළුල් කිරීම හා නවීකරණය කිරීමේ කාර්යයට ප්‍රමුඛත්වයක් ලබාදී ඇති අතර, ඒ අනුව අවශ්‍යතාවය පරිදි දිවයින පුරා රෝහල් වලට නවීන තාක්ෂණික සිටි ස්කෑනර් යන්ත්‍ර ලබාදීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මකව පවතී.

ඒ යටතේ කළුතර ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 200කට අධික වටිනාකමකින් යුත් 128 - ස්ලයිස් සිටි ස්කෑනර් යන්ත්‍රයක් සහ කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 160ක වටිනාකමකින් යුත් සිටි ස්කෑනර් යන්ත්‍රයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාව මඟින් මේ වන විටත් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආධාර යටතේ, ශ්‍රී ලංකා ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, ගාල්ල ජාතික රෝහල සහ කොළඹ දකුණු ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 640ක පමණ වටිනාකමකින් යුත් නවීනතම CT ස්කෑනර් හතරක් ද දැනටමත් ලබාදී ඇති අතර, ඒවායේ ස්ථාපන කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බව සඳහන් වෙයි.

කුලියාපිටිය ශික්ෂණ රෝහල සහ දඹුල්ල, නාවලපිටිය, හලාවත, මන්නාරම යන දිස්ත්‍රික් මහ රෝහල් සඳහා රුපියල් මිලියන 950ක වටිනාකමකින් යුත් අතිනවීන සිටී ස්කෑනර් මිලදී ගැනීම සඳහා දැනට කටයුතු සම්පාදනය වෙමින් පවතී.

දීර්ඝ කාලයක් පුරා බොහෝ රජයේ රෝහල්වල රෝග විනිශ්චය සඳහා යොදා ගැනුණේ 16-ස්ලයිස් සිටි ස්කෑනර් යන්ත්‍ර වේ.

එම යන්ත්‍ර රෝගීන්ට ප්‍රයෝජනවත් සේවාවක් සපයා තිබුණ ද, වර්තමාන වෛද්‍ය තාක්ෂණයේ දියුණුවත් සමඟ ඉතා කෙටි වේලාවක් තුළ ඉහළ ගුණාත්මක භාවයකින් යුත් රූප සහ වඩා නිවැරදි රෝග විනිශ්චයන් ලබාගත හැකි 64- ස්ලයිස් සහ 128- ස්ලයිස් සිටි ස්කෑනර් යන්ත්‍ර සඳහා අවශ්‍යතාවය මෙරට රෝහල් පද්ධතියට දැඩි ලෙස අවශ්‍යව තිබුණි.

මෙම අවශ්‍යතාව හඳුනා ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දිවයිනේ රෝහල් සඳහා නවීන සිටි ස්කෑනර් ලබාදීමේ පුළුල් වැඩසටහන ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව අළුතින්ම සපයන ලබන මෙම අධි තාක්ෂණික පද්ධති මගින් ආඝාත, හදිසි අනතුරු, පිළිකා, හෘද හා රුධිර නාල රෝග මෙන්ම හදිසි ප්‍රතිකාර ප්‍රතිකාර සේවාවන්හිදී ඉතා කෙටි වේලාවක් තුළ වඩාත් නිවැරදි රෝග විනිච්‍යයන් ලබා ගැනීමට වෛද්‍යවරුන්ට අවස්ථාව උදාවෙනු ඇත.

මෙම වැඩසටහනේ සුවිශේෂත්වය වනුයේ එය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල්වලට පමණක් සීමා නොවී පළාත් සභා රෝහල් ද ආවරණය කිරීමයි.

එමඟින් දුර බැහැර ප්‍රදේශවල ජනතාවට ද ප්‍රධාන නගරවලට පමණක් සීමා වී තිබූ උසස් රෝග විනිශ්චය පහසුකම් ප්‍රාදේශීයව ද ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

මෙම ආයෝජන හුදෙක් නව උපකරණ මිලදී ගැනීමකට පමණක් සීමා නොවන අතර, එය ජනතාවට කඩිනම් රෝග විනිශ්චය, ප්‍රතිකාර ප්‍රමාදයන් අවම කිරීම, වෛද්‍ය තීරණ ගැනීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ජිවිත රැක ගැනීම අරමුණු කරගත් පුළුල් සෞඛ්‍ය ප්‍රතිසංස්කරණයක වැඩ සටහනේ එක් අදියරක් පමණි.

මෙරට තුළ තුළ ඉහළයමින් පවතින බෝ නොවන රෝග, මාර්ග අනතුරු සහ වයස්ගත ජනගහනය ඉහළයාම තුළින් මතුවන අභියෝග වලට මුහුණ දීමට ද මෙම නවීන සිටි ස්කැනර් සේවා ජාලය පුළුල් කිරීම තුළින් ඉතා වැදගත් දායකත්වයක් ලැබෙනු ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි