නිදන් හෑරු සැකකරු පොලිස් අත්අඩංගුවට

නිදන් හෑරු සැකකරු පොලිස් අත්අඩංගුවට

June 21, 2026   07:33 am

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දඹගල්ල පොලිස් වසමේ කොට්ටගල ප්‍රදේශයේදී දඹගල්ල පොලීසිය විසින් ඊයේ (20) දින සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු සතුව තිබූ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ උපකරණද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 51ක් වන නාමල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන දඹගල්ල පොලීසිය විසින් සිදුකරති.