header logo
SLIC
උණුසුම් පුවත්
සමීක්ෂණයකදී අවුරුදු 13-14 අතර දරුවන්ගෙන් 12%ක් අධිබරින්
Jun 20, 202605:34 PM
සමීක්ෂණයකදී අවුරුදු 13-14 අතර දරුවන්ගෙන් 12%ක් අධිබරින්
Mobitel 1278

පසුගිය 2024 වසරේදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සිදුකළ ගෝලීය පාදක පාසල් සෞඛ්‍ය සමීක්ෂණයකදී අවුරුදු 13-14 දරුවන්ගෙන් 12%ක් අධිබරින් සහ 3%ක් ස්ථූලතාවයෙන් පෙලෙස බවට අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය පවසයි.

විශේෂඥ වෛද්‍යවරිය පැවසුවේ මෙම සමීක්ෂණයේදී කෑම රටාවන් පිළිබඳවද අවධානය යොමුකළ බවත් එහිදී පාසල් දරුවන්ගෙන් 17.4%ක් දෛනිකව කාබනීකෘත බීම වර්ග පානයට පුරුදුව සිටින බවද හෙළි අනාවරණය වී ඇති බවය.

එමෙන්ම 28.5%ක් වූ දරුවන් අධික ලුණු සහිත ආහාර සහ අධික තෙල් සහිත ආහාර අනුභව කරන බවත් තවත් 41%ක් වූ දරුවන් සීනි සහිත ආහාර එක්වරක් හෝ ඊට වඩා වැඩි වාර ගණනක් අනුභව කරන බවද වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

මෙම තත්ත්වයන්ට විසඳුමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව මින් පෙර සෞඛ්‍යමත් ආපනශාලා මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට පියවර ගත් බවද වෛද්‍යවරිය සඳහන් කළාය.

වෛද්‍යවරිය පැවසුවේ සෑම වසරකම පැවැත්වෙන ජාතික පෝෂණ දින සැමරුම් වැඩසටහන එළැඹෙන 22 වැනිදා කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී සෞඛ්‍යමත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශයන් එළි දැක්වීමට කටයුතු කරන බවය.

මෙම මාර්ගෝපදේශයන් යටතේ පසුගිය පෙබරවාරි මාසයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පාසල් තුළ සෞඛ්‍යාරක්ෂිත ආපන ශාලා පවත්වාගෙන යාමට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛයද ඇතුළත් බව පැවසූ වෛද්‍යවරිය ඒ අනුව පාසල් ආපන ශාලා තුළ දරුවන්ගේ සෞඛ්‍යට අහිතකර ආහාර අලෙවිය ඉදිරියටත් පාසල් තුළ අලෙවි කිරීම තහනම් වනු ඇති බවද පැවසුවාය.

මේ අතර ජාතික පෝෂණ මාසය යටතේ මෙවර තේමාව බවට පත්ව ඇත්තේ "කෙටි ආහාර ගැන නැවත සිතමු" යන්න වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරන ලද සමීක්ෂණයකදී අනාවරණය කරගෙන ඇත්තේ වර්තමානයේදී නිවසේ පිළියෙළ කරන ලද ආහාර වෙනුවට සැකසූ / අති සැකසූ ආහාර භාවිතයේ ප්‍රවණාතවක් සිදුව ඇති බවය.

මෙම ආහාර අධික සීනි, ලුණු සහ අහිතකර මේදය අඩංගු කැලරි, අධික පෝෂණ ගුණයෙන් හීන ආහාර වන අතර මෙම කෙටි ආහාර ඕනෑම තැනකින් පහසුවෙන් ලබා ගත හැකිවීම, ආක්‍රමණශීලි වෙළෙඳ ප්‍රචාරණය සහ ආහාරයට ගැනීම පහසුවීම හේතුවෙන් දෛනික ආහාර රටාවේ පොදු අංගයක් බවට පත්ව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහිදී අනාවරණය කරගෙන තිබේ.

ප්‍රශස්ත ශරීර ස්කන්ධ දර්ශකයක් ඇති නිරෝගී වැඩිහිටියෙකු නිතර නිතර කෙටි ආහාර ගැනීම අවශ්‍ය නොවන බවත් එසේ කිරීම අධි බර, ස්ථූලතාවය, දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා වැනි බෝ නොවන රෝග ඇතිවීමට හේතුවක් වන බවද පෙන්වා දී ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනුයේ අනවශ්‍ය කෙටි ආහාර ගැනීම අඩු කිරීමෙන් සහ සමබල පෝෂ්‍යදායී ප්‍රධාන ආහාර වේල් නියමිත වේලාවට ගැනීමෙන් ආහාර රුචිය පාලනය කර පරිවෘත්තීය ක්‍රියාවන් හොඳින් සිදු කර ගැනීමටද උපකාරී වන බවය.

මේ හේතුවෙන් 2026 ජාතික පෝෂණ මාසය මගින් විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ මධ්‍යස්ථ ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බවත් පෙන්වා දී ඇති අමාත්‍යාංශය අනවශ්‍ය ලෙස කෙටි ආහාර ගැනීම අවම කර කෙටි ආහාර අවශ්‍ය අවස්ථාවලදී සෞඛ්‍ය සම්පන්න, ස්වභාවික විකල්ප තෝරා ගැනීම පිළිබවඳව ජනතාව දැනුවත් කිරීමටද පියවර ගෙන තිබේ.

දරුවන් සඳහා පාසල් ආපනශාලා තුළ අලෙවි කළ හැකි සහ නොහැකි ආහාර ලැයිස්තුව පහතින්,

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-k3jUmpTQrjk9wMzCSBGlKynuc8dVMWXvyKhmoEqtS2bRohve2nnkdoeuTbFvnl7YWuGKKGyVBtBaiVfEixaIzO8QkjolAEUmtldB6llSc-88rpB-wcd6SNtkmSXGmCpyjkbueeBJngVBvBEp8MhfVQL9daby0_TsYoBGS0yn7IQNWWmax4Z-lP_fglBj/s1600/01.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3yEen4pXRnSVZvs9_SXtbEbcCxHD9piwmn-eXHNKe05Jpsxl1GLg0akxcGUWLbynzOGcnVphNNqINBa_eer14gfoZKigPow0RtqtmUhBnQvsQ9kdzR9C7T4ANDmflXo_55JzgQ5wXLvf0C2astwkRXQjO6g-CGiDH02Bt6-xNzAamOI9O7Zv1cOUMtVgw/s1600/02.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි