header logo
SLIC
උණුසුම් පුවත්
අතුරුදන්වුවන් වෙනුවෙන් වඩා හොඳ වන්දි ලබාදීමේ ක්‍රමවේදයක්
Jun 20, 202604:07 PM
අතුරුදන්වුවන් වෙනුවෙන් වඩා හොඳ වන්දි ලබාදීමේ ක්‍රමවේදයක්
Mobitel 1278

අතුරුදහන්වුවන් වෙනුවෙන් වඩා හොඳ වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට කමිටුවක් පත් කර ඇති බව අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිවිල් සංවිධාන නියෝජිතයින් හමු වූ අවස්ථාවේදීය.

අතුරුදන් වූ පුද්ගලයෙකු වෙනුවෙන් ලබා දෙන රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව එහිදී හර්ෂණ නානයක්කාර මහතා කීය.

ඒ හේතුවෙන් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විශේෂ කොටසක් සේ සළකා මීට වඩා හොඳ වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට කමිටුවක් පත් කර ඇති බව ද හෙතෙම අනාවරණ කළේය.

එම කමිටුව වන්දි පැකේජයක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් අතුරුදන් පුද්ගලයින්ගේ ඥාතීන්ගේ ජීවිතය ගොඩනැගීම එහි අරමුණ බවත් සඳහන්ය.

පැමිණිලි විමර්ශනය කිරීමේ අරමුණ වන්දියක් ලබාදීම නොවන බවත් සිදු වුයේ කුමක්ද යන්න පිළිබදව සත්‍ය සොයා ගත යුතු බවත් අමාත්‍යවරයා කීය.

අතුරුදන් වූ පුද්ගලයින් කඩිනම් යුක්තිය ඉටු කිරීමට වත්මන් රජයේ අරමුණ බව ද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

වත්මන් රජය බලයට පත් වන විට අතුරුදන් වු තැනැත්තන්ගේ කාර්යාලය වෙත පැමිණිලි එකොළොස් දහසක් ලැබී තිබේ.

ඒවා විසඳීම වෙනුවෙන් විමර්ශන කමිටු පත් කිරීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් රුපියල් මිලියන 375ක මුදලක් වෙන් කර ඇත.

පුද්ගලයින් 75 දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටු 25ක් මේ වන විට ක්‍රියාත්මක බව අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට අතුරුදන් වු තැනැත්තන්ගේ ඥාතීන් විශාල පිරිසක් පැමිණ සිටින බැවින් වත්මන් රජයේ යාන්ත්‍රණය පිළිබඳව පවතින විශ්වාසය පැහැදිලි බව ඔහු පැවසීය.

2009 වසරේදී යුද්ධය අවසන් වූවත් අතුරුදන් වූ තැනැත්තන්ගේ ගැටලු තවමත් පැවතීමෙන් හෙළි වන්නේ, පසුගිය රජයන් ඒවා නිසි අයුරින් විසඳා නොමැති බවය.

අතුරුදන් වු ඥාතියා සම්බන්ධයෙන් විවිධ කොමිෂන් සභාවට ආයතනවලට කිහිපවරක් පැමිණිලි ලැබී තිබේ.

ඥාතීන් අතුරුදන් වු අතීතය අමතක කරන ලෙසට තමන් නොපවසන බවත්, අලුතින් සිතමින් විශ්වාසය ගොඩ නගමින් ඉදිරියට යා යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

උතුරේ සහ දකුණේ සියලු ජනතාවගේ සිත් දිනාගනිමින් වත්මන් රජය බලයට පත්ව ඇති අතර මේ ප්‍රශ්නවලට ස්ථිර අවසානයක් ලබා දිය යුතු බව ද අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි