header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ලොව ආකර්ෂණය දිනූ චීනයේ මකර බෝට්ටු උත්සවය
Jun 19, 202604:31 PM
ලොව ආකර්ෂණය දිනූ චීනයේ මකර බෝට්ටු උත්සවය
Mobitel 1278

චීන දින දර්ශනයේ තවත් වැදගත් අවස්ථාවක් ලෙස 'මකර බෝට්ටු උත්සවය' සැලකෙයි.

අතීතයේ විසූ පැරණි චීන කවියෙකු වූ Qu Yuan අනුස්මරණය කරමින් චීන චන්ද්‍ර දින දර්ශනයේ පස්වන මාසයේ පස්වන දින සමරනු ලබන මෙම උත්සව දිනය, චීන ජනතාවට ද නිවාඩු දිනයකි.

ඒ අනුව අදට (19) යෙදී තිබෙන මෙවර මකර බෝට්ටු උත්සවය වෙනුවෙන් චීනයේ ප්‍රදේශ රැසක උත්සව සංවිධාන කර තිබෙන අතර, මකරෙකුගේ හැඩය මතුවන පරිදි නිර්මාණය කරන විචිත්‍රවත් බෝට්ටුවල නැගී කණ්ඩායම් වශයෙන් තරඟ වැදීම මෙහි කැපී පෙනෙන අංගයකි.

චීනයේ හොංකොං, මැකාවෝ, තායිවානය සහ ෆුජියන් ඇතුළු ප්‍රදේශ රැසක මෙවරත් එවැනි මකර බෝට්ටු උත්සව රැසක් සංවිධාන කර තිබූ අතර, ඒ වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ද හිමිව තිබුණේ ඉතා ඉහළ ප්‍රතිචාරයකි.

විවිධ කණ්ඩායම් එකම වේදිකාවක තරග කිරීම සඳහා මෙහිදී එක්රැස් වන අතර, සාම්ප්‍රදායික චීන මකර බෝට්ටු සංස්කෘතියේ බලපෑම සහ එකමුතුකම ඉන් මනාව පෙන්නුම් කෙරෙන බව චීන වැසියන්ගේ විශ්වාසයි.

දේශීය මෙන්ම විදේශීය කණ්ඩායම්ද මෙවර මකර බෝට්ටු තරග සඳහා එක්ව සිටි අතර ඒ අතරින් ඇතැම් ප්‍රදේශවල පැවති ළමා මකර බෝට්ටු කණ්ඩායම් තරගද කැපී පෙනෙන අංගයක් වුණි.

මෙහිදී මකර බෝට්ටු පෙළපාලියකින් ආරම්භක ස්ථානය වෙත පැමිණෙන අතර, එමගින් සංචාරකයින්ට මකර බෝට්ටු උත්සවයේ අත්දැකීම කල්තියා ලබා ගැනීමටත් හැකිය.

මෙම උත්සවය සඳහා සාම්ප්‍රදායික චීන විනෝද බෝට්ටු, උණ බම්බු පාරු, සාම්ප්‍රදායික මකර බෝට්ටු සහ වෙනත් විශේෂ බෝට්ටු ද ඇතුළුව බෝට්ටු විශාල සංඛ්‍යාවක් යොදා ගැනෙයි.

ඇතැම් මකර බෝට්ටු උත්සව පැවැත්වීමට විශාල ගංගා තෝරා ගන්නා අතර ඒවායේ දර්ශනීය ප්‍රදේශ හරහා යාත්‍රා කෙරෙන විචිත්‍රවත් මකර බෝට්ටු දැකබලා ගැනීමට ජනතාව තුළ ඇත්තේ මහත් උනන්දුවකි.

ඇතැම් මකර බෝට්ටු උත්සව සඳහා කලාකරුවන් ද එක් වන අතර, ඔවුන් සිය මකර බෝට්ටුවල නැගී සාම්ප්‍රදායික ජන සංදර්ශන ඉදිරිපත් කරනු ලබයි.

මෙහිදී ගංඉවුරේ පෙළ ගැසෙන ඇතැම් ගම්වාසීන් කණ්ඩායම් වශයෙන් රැස්ව තරගකරුවන් සහ කලාකරුවන් වෙත තම සහයෝගය පළ කිරීමද මෙහිදී කැපී පෙනෙන අංගයකි.

දේශීය සංස්කෘතික හා නිර්මාණාත්මක ශිල්පීය හැකියාවන් සහ විශේෂිත නිෂ්පාදන ප්‍රදර්ශනය කරමින් සංස්කෘතික හා නිර්මාණාත්මක වෙළඳපොළක් සහ සැණකෙළියක් ද මීට සමගාමීව බොහෝ ප්‍රදේශවල සංවිධානය කෙරෙයි.

එහිදී සාම්ප්‍රදායික චාරිත්‍ර සුරකිමින්, ප්‍රදේශවාසීන්ට මෙන්ම සංචාරකයින්ට ද නව පරිභෝජන අත්දැකීම් ලබාදීම සඳහා අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කිරීම සහ විශේෂිත ආහාර අලෙවිසැල් ඇතුළත් විවෘත වෙළඳපොළක් සමග තරගය ඒකාබද්ධ කිරීමටත් බොහෝ සංවිධායකයින් පියවර ගනු ලබයි.

එලෙස ප්‍රාදේශීය ආර්ථිකයන් උත්තේජනය කිරීම සඳහා සාම්ප්‍රදායික තරගකාරිත්වය නව පරිභෝජනය මත පදනම් වූ මුලපිරීම් සමග ඒකාබද්ධ කරමින් මකර බෝට්ටු තරග පැවැත්වීමට චීනයේ ප්‍රදේශ රැසක මෙවර පියවර ගෙන තිබුණි.

චීනය යනු ඓතිහාසික මෙන්ම සාම්ප්‍රදායික වටිනාකමින් යුත් විවිධ සංස්කෘතික අංග සැමරීමට වසර පුරාවටම විවිධ දින වෙන් කරන රටකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්