header logo
SLIC
උණුසුම් පුවත්
හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සමට අද ලැබුණු තීන්දුව - සම්පූර්ණ විස්තරය මෙන්න
Jun 18, 202607:29 PM
හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සමට අද ලැබුණු තීන්දුව - සම්පූර්ණ විස්තරය මෙන්න
Mobitel 1278

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (18) යළි සලකාබැලුණි.

මෙහි වැඩිදුර කරුණු සලකාබැලීම ජුනි 24 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ යළි සලකාබැලුණි.

මෙහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසූවේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ට යුක්තිය ඉටුකිරීම යනු කිසිදු සාධාරණ පදනමකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන සිරගතකිරීම නොවන බවය.

වගඋත්තරකරුවන් කිසිදු සාධාරණ පදනමක් නොමැතිව සිය සේවාදායකයාට එරෙහිව අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ලබාගෙන තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා පදනමකින් තොරව ඔහුගේ නිදහස සීමාකිරීමට කටයුතු කර තිබෙන බවටද චෝදනා කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිය සේවාදායකයා අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඔහුට ඇප ලබාගැනීමට තිබෙන නිදහස අහිමිකෙරෙන අතර, පෙත්සම්කරු මෙම අධිකරණය හමුවට පැමිණ සිටින්නේ ඒ නිසා බවද ජනාධිපති නීතිඥවරයා පැවසීය.

මෙහිදී විනිසුරු සරත් දිසානායක මහතා විමසාසිටියේ, විමර්ශනයක් පැය 24 ක් තුළ අවසන් කිරීමට නොහැකි අවස්ථාවක මෙවැනි නීතිමය ප්‍රතිපාදන භාවිතාකිරීම සිදුවනවා නේද යනුවෙන්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ පුද්ගල නිදහස අහිමිකිරීම සඳහා එවැනි අණ පනත් භාවිත කිරීමට හැකියාවක් නොමැති බවය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයාබැලීම සඳහා පත්කෙරුණු වත්මන් ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කොමිසමෙහි වෙළුම් හයකින් යුත් වාර්තාවෙහි හෝ කිසිදු ස්ථානයක පෙත්සම්කරු ගැන සඳහන් නොවූ බවද පෙන්වාදුනි.

එහෙත් ජයකී ද අල්විස් කොමිසම මගින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට නිර්දේශ කර තිබු බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ඊට අමතරව 2018 වසරේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට ප්‍රහාර එල්ලකිරීමේ සිද්ධිය පිටුපස විදේශීය ත්‍රස්ත සංවිධානයක මැදිහත්වීමක් තිබෙන බවට කරුණු හෙළිදරව් වී තිබියදී ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට ශානි අබේසේකර කටයුතු නොකළ බවටද ඔහු චෝදනා කළේය.

එවැනි පුද්ගලයෙකු පාස්කු ප්‍රහාර විමර්ශනය මෙහෙයවීම ගැටලු සහගත තත්ත්වයක් බවත්, විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට කරන ඉල්ලීම් හේතුවෙන් එම දෙපාර්තමේන්තුවද අසරණ වී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වාදුනි.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසූවේ පැමිණිල්ලේ නීතිඥවරයා නීතිපති දෙපාර්තමේන්තුව රූකඩයක් ලෙස හඳුන්වාදීමට දරන උත්සාහය හුදෙක්ම ජනමාධ්‍ය ඉලක්ක කරගෙන සිදුකරන ප්‍රකාශයක් බවය.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පැවසූවේ තමා කිසිදු අවස්ථාවක නීතිපතිවරයාට චෝදනා නොකරන අතර, නීතිපති දෙපාර්තමේන්තුව එවැනි තත්ත්වයකට පත්ව තිබෙන ආකාරය පමණක් පෙන්වාදුන් බවය.

පෙත්සම් වැඩිදුරටත් සලකාබැලීම එළැඹෙන 24 වැනිදා දක්වා කල්තැබීමට අධිකරණය නියම කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි